විහා_ධීෂ
"විභෂ්ණා නම් නුඹට හමු නොවන බැව් දන්නවා මා... නමුදු කොහින් හෝ ස්ත්‍රියක් ගෙන්වා සරණ කරදෙන්නට තැනූවොත්...? එදිනට තමා මහෝධ්‍ය නුවර උද්‍යානයේ දෙවන සංග්‍රාමය... මිලෝථට වඩා දරුණුයි මා...! රජුව කරේ තබාගෙන යන්නේ..."
******
දින කිහිපයක් පුරාවට සැඟවී තිබුණු ශෝභාවක් යළිත් ශාක්‍රස මැදුර සොයා අවුත් තිබුණි... වෙනදා සිය චණ්ඩ ප්‍රභාව පතුරාලමින් මිහි මඬල ගිනියම් කළ සූර්‍යයා, අද සිය සැඩ රැස් හකුලාගෙනය... පුෂ්පකර්ණිය පිරී යන තරම් ශ්වේත තඹරයන්ය... මන්ද මාරුතය හා දැවටෙන නුග පත් වල අල්ලාප සල්ලාපයේද නිමක් නැත... චන්ද්‍ර උද්‍යානය පවා දිව්‍ය උද්‍යානයක් සේය...
කිමද මෙතරම් සෞන්දර්‍යයක්...? ප්‍රභාවක්...? අහ්ලාදයක්...?
ඉදින් ඒ අනෙකක් නිසා නොවේ..., ශාක්‍රස පුර සුරදූතයා අන් කවරදාටත් වඩා සොම්නසිනි... සිය ප්‍රාණසමයාගේ උණුසුම් සුසුම් මධ්‍යයේ ඉතිරූ ස්නේහ ගඟුලකට වී පහන් කළ රැය, ඔහුගේ සන්තාප ගිනි යළි නොඇවිලෙන සේ නිවා දමා තිබුණි...
"ඉදින් මා සොයුරු සමයි කීවාට කිමද..? ම්ම්...? ඈ දුටුවානේ මා හිමිකම නුඹ ගෙලෙහි..."
"දුටුවා තමා... ප්‍රවේශම් කරගන්නට කීවේ..."
"හා හා ඉදින්... නැවත එසේ වන්නේ නැහැ..."
"බිය වූවාද ම්ම්...? මගේ සොමි..."
"එය තමා සුදුසුම දණ්ඩනය නුඹේ මුරණ්ඩුකම් වලට..."
"ඒ සිහිනය අමතක කරනු...! අර්ථවිරහිතයි එය... හැරත් මා හිඳිනවානේ..."
"නොවේ නොවේ...! එවන් මිනිසුන් හිඳිනවාද...? ඔතරම් විරූපී භයානක...? මට නම් හමුවී නැහැ... එතරම් නොසිතනු... ම්ම්..."
"අසිපත නොමැතිව කුටියෙන් පිටවූවානේ...?"
"ම්ම්හ්... දෑස් පියාගෙන සිටියා ඉදින්... මා දන්නවානේ ඔය කීවාට මෙහි එනවා කියා..."
"මුසා නොපවසනු...! පොරෝනාවක් පමණයි මෙහි එනවිට ගතේ තිබුණේ... මේ... දැන් නම් එයත් නොවේ ඉදින්...! 'පියාණන් වෙතට යාමටයි ඇවැසි වූයේ තමා...!'"
ŞİMDİ OKUDUĞUN
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
Tarihi Kurguවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.