විහාධීෂ 80

471 90 30
                                    

විහා_ධීෂ

අනුර නගරයේ එක් *කින්නර ග්‍රාමයකට වැදුණු ආගන්තුකයෙකි... කළාල හා හණ වියා දිවිය ගැට ගසාගත් ගම්මුන් හට නම් එවන් පිටස්තරයෙකු එහි හිඳිනු දැකීමම අරුමයක් විය...

දණතෙක් වූ කඩමාලු වස්ත්‍රත්, අපිළිවෙල ස්වරූපයත් දුටුවකු හට, ඔහු දාසයෙක් වග පවසන්නට තවත් විවරණ ඇවැසි නොවුණි... කොහින් හෝ අහුලාගත්තේ යැයි සිතිය හැකි මළබැඳුණු කාලවර්ණ අසිපතක් ඔහුගේ වාම හස්තයේ විය... ඉදිරියට හමුවූ අයෙකු වෙත එකදු බැල්මක් හෝ හෙලන්නට වෙහෙස නොවුණු මේ මහලු දාසයා පුරුදු කරුවකු සේ ගොස් ග්‍රාමයේ ආචාරි තැනගේ නිවස ඉදිරිපිට නැවතුණි...

"තට ඔපමණද හැකි...??? අසිපතක් මුවහත් තබන්නට නොදන්නෙහිද තා...???'

"දෑස් අඳවූවාද තගේ...??? මෙයටත් වඩා කවර මුවහතක්ද...??? අරුමයක් නොවේ ඉදින්... කුලහීන දාසයන් කෙසේද අසිපත් හඳුනන්නේ...??"

"කුලහීන තා මිසක මා නොවේ නීචයා...!!!"

සවස් යාමයේ ගම්මුන් කිහිපදෙනෙකුගේ නෙතගැටී තිබුණු නන්නාඳුනන පුද්ගලයා ආචාරියාගේ ගෙල සිඳ මරා දමා තිබෙන බැව් ග්‍රාමය පුරා පැතිරෙන්නට වූයේ ගිනිහුළක් වැටුණු හණමිටියක් ඇවිලෙනා පරිද්දෙනි... කුසගින්නෙන්, දරිද්‍ර බවින් පීඩා විඳි අසරණ වැසියන්, නන්නාඳුනන අසිපත් දරන්නාට බියේ සිය දරුමල්ලන් සඟවාගෙන කටු මැටි පැල් වලට රිංගාගත්හ...

.

.

.

ශාක්‍රස මැදුරේ ප්‍රාකාරයට පිටතින් එක් කුඩා තඩාගයක් ඉදිවී තිබුණේ සුනීද්ව රජුගේ සැලසුම් වලට අනුවය... උද්‍යානයේ සැඟවුණු මාලිගයෙන් ඉහළට නිර්මිත ජල මාර්ගයක් ඔස්සේ ඔසු දිය එයට පිරීමට සලස්වා තිබුණි... ඔවුන් අපේක්ෂා කළ අයුරින්ම ශාක්‍රස මැදුර ඉදිරිපිට වූ පොකුණු දියේ හස්කම පිළිබඳව ලැව් ගින්නක් සේ වැසියන් අතර පැතිරෙන්නට විය...

ඉදින් නගරයේ වැසියන් සියල්ලෝම පාහේ නුවිධීෂ කුමරුන්ගේ භාග්‍යයකට පහළ වූ ඔසු දිය පොකුණ සොයා පැමිණියහ... නිර්මල ඔසු දියේත්, චන්ද්‍ර මාලිගයේත් ආරක්ෂාව උදෙසා සත්‍ය සඟවා තබාගැනිමට ඔවුහු පෙර පටන් තීරණය කොට තිබුණි... වෙසෙසින්ම, පුරාණ මාලිගයක් හෙයින් පුරාවෘත්ත වල පැවසෙන අගනා  චන්ද්‍ර පාෂාණය සොයාඑන්නට හැකි චෞරයන්ගෙන් එය ආරක්ෂා කරගත යුතුව තිබුණි...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Dove le storie prendono vita. Scoprilo ora