විහාධීෂ 32

711 148 84
                                    

විහා_ධීෂ

අසිපත ළයට තදකර දෝතින්ම බදා අල්වාගෙන අයෙක් ගල් ලෙනේ ද්වාරය අසළ හිඳගෙන නිහඬ විරෝධතාවයකය... ගිනිමැලයේ ආලෝකයෙන් රන් පැහැ වූ උවන වලා කෝඩයකින් වැසී ඇඳුරුව ගොස් ය... සීරුම් පිරුණු කොපුල් ඉදිමී රත් පැහැවී ඇත... පෙරදී මොහොතකට හෝ වසන්නට අදහසක් නොවූ මුව වැසී, මැලවුණු දෑස් පොළොවට නැඹුරු වී තිබේ... ඔහුගේ එක පාදයක් ලෙන තුළ දණකින් නවාගෙනය... අනෙක් පාදය ලෙනෙන් පිට වූ ගල්පොත්ත මත තබාගෙනය... විටින් විට කොරවක්කකු සේ ලන වෙත ගෙල හරවා බලමින් කවරෙකු හෝ අපේක්ෂාවෙන් හිඳිනා සෙයකි...

ඉදින් විහාධ්‍ය කුමරුන්ගේ ගමන දිනකින් ප්‍රමාද කරන්නට ඔහුගේ ගත පුරා වූ සීරුම් තුවාල සමත් වුවද, ගමන නවතාලන්නට නම් ඒවා ප්‍රමාණවත් නොවුණි... ඉදින් පෙරදින නික්මෙන්නට තිබූ කටයුත්ත සඳහා අද රාත්‍රියේ නික්මීමට ඔහු සැරසෙන්නේය... අඳුර වැටී හෝරා කීපයක් පමණක් ගත වී තිබුණද නුදුරින් ඇසෙන්නාවූ උල ලේන් හඬ පෙර නොවූ වීරූ මූසල ස්වභාවයක් අරණට ගෙන ආයේය...

තමාගේ ඥාති සොහොයුරන්ද වුවද ඒ කලවැද්දා හා හෝතඹුවා අසන්නේ විහාධ්‍ය කුමරුන් පවසනා දෑ යි... අවනත වන්නේ ඔහුගේ ආඥා වලටයි... මද වේලාවක් ගෙවෙද්දී, බලාපොරොත්තු වූ පියවර හඬ ඇසෙන්නට වූ විට කිසිවක් නොදන්නා පරිදි ඒ කොරවක් ගෙල ඉබේම ලෙනෙන් පිටතට හැරවුණි...

ඉදින් පියවර හඬ විත් නතර වූයේ තමා අසළය... "බඹයක් තරම් පළල් වූ ද්වාරයක් තිබියදී මා හිඳිනා තැනම කිමද..?"

කෙතරම් වේලා එතැනට වී සිටියද ඔහු හට නම් ඉවත්ව යාමට අදහසක් නොමැති සේයි... "එසේයි කියා ඔහු දෙස හැරී බැලීමට ඇවැසිද මා...?"

තම හිසට ඉහළින් මහා බරැති සුසුමක් පිටවනුත්, එය විත් උඩුකය වස්ත්‍රයක් රහිත වූ තම සිරුර සිපගන්නා අයුරු ඔහුට දැණුනි... ඉදින් තවත් එවන් සුසුම් කිහිපයක් පිටවූයේ නම් තම පිට මත නැගී තිබූ ඩා බිඳු මුළුමුනින්ම අතුරුදන් වනු ඇත... එය සැබැවින්ම එතරම් බැරැති වූවාක් විය... එසේම නදිය පිස හමන මද පවනේ වුවද එතරම් සිසිලසක් නොවන වග නොඅනුමානයි...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now