විහා_ධීෂ
නුවිධීෂ දෙහෝරාවක් පමණ දෑස් පියාගෙන හිඳියේය... සැබැවින්ම හිස මත දරාගෙන හුන් පීඩනය ඔහු අවධි කිරීම ප්‍රමාද කොට තිබුණි...නමුදු වරින් වර ඔහුගේ පියවුණු දෑස් මානයට පැමිණ ගිය අපැහැදිලි ඡායාවන් ත්‍රිත්වය කවරෙක්ගේද කියා ඔහු හඳුනාගෙන තිබුණි...
ශ්වේත පැහැ දිව්‍ය සළු හැඳ දෙපතුල් තෙක් මුදාහැර තිබූ වරලසේ ශ්වේත පැහැ කුසුම් ගවසා, සිනහාවෙමින් හුන්නේ සිය මෑණියන් නොවේද...? එසේම ඇගේ පසෙකින් හිඳ තමා හා සිනාසුණේ තම සොයුරා නවීශ්ධ නොවේද...? අරුමය නම් අසිපත වෙනුවට රත් පැහැ කුඩා කුසුමක් ඔහු හස්තයට විත් තිබීමයි...!
ඉදින් සිය මෑණියන් හා සොයුරා එසේ එක්ව හිඳිනු දැකීමෙන්ම ඔහුට මහත් සැනසීමක් දැණුනි... දැන් සිය මෑණියන් හට තනියක් නොවේ එහි...! සිය සොයුරාද තනිවන්නේ නැහැ එහිදී...! ඔවුන් දෙදෙනා එහි සංතෝෂයෙන් හිඳිනවා ඇති...
නමුදු එක් ගැටලුවකි...! සිය නැන්දණිය... නොඑසේ නම් නිරෝධා දේවිය ඔවුන් හා හිඳින්නේ කිමද...?? වැරදීමක් වත් වූවාද...?? ඒ වෙනත් අයෙක් ද...?? නොවේනේ...! ඇගේ සෙනෙහෙබර සිනහව පෙර සේමයි...!! ඒ ඇයම තමා...!! සිය මෑණියන් සේම සැරසී තමා දෙසට තල් කොල පුස්තකයක් දිගුකරගෙන හිඳින්නේ...! කිමද ඒ...??
"නැන්දණියනී...! නුඹ කිමද එහි...?? මෙහි පැමිණෙනුකෝ...! වෝහීෂ්‍ය තනිවනවා...!"
නුවිධීෂ සිහිනෙන් හඬන්නට වූයේය... ඉදින් ඔහුට එය සැබෑවක් සේම හැඟෙන්නට ඇති... දකින්නේ ස්වප්නයක් කියා නොදැන සිය නැන්දණියව ඔහු හා නවතා ගැනීමට ඔහු නොදැරූ වෑයමක් නොමැති තරම්ය... නොපැවසූ දෙයක් නොමැති තරම්ය... නමුදු අවසන තමා හා එකඟ නොවීම ඈ සිය මෑණියන් හා සොයුරාද කැටුව නොපෙනී යන්නට විය...
නුවිධීෂ, සිය හිස මතට දැණුනු හුරු පුරුදු පහසකින් දෑස් විවර කළේය... ඉදින් විහාධ්‍ය...! මෙවරත් ඔහු තමාව නපුරු සිහිනයකින් ගලවාගෙන තිබේ... ඒ ආංගුලයන් හිස පුරා දිවෙද්දී නුවිධීෂයන් නැවත දෑස් පියාගත්තේය... මොහොතකට පෙර දුටු දේ අමතක කරන්නට ඒ පහස ඔහුට සහාය විය...
"විහාධ්‍ය..., තවමත් මෙතැනද නුඹ...??"
හදිසියේ යමක් සිහි වූවා සේ ඔහු සිය සුරත මිටි කර බැලුවේය... නොවේ...! විහාධ්‍ය, ඔහුගේ හස්තය ඉවතට ගෙන...! ඉදින් ඒ සුළු කරුණින් පවා ඔහුට මහා විසල් තනිකමක් දැනෙන්නට විය...
أنت تقرأ
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
أدب تاريخيවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.