විහාධීෂ 2

1.6K 271 66
                                    

විහා_ධීෂ

ඉදින් රැය පහන් වූයේ කෙසේද කියාවත් හේෂව නොවේ දනුයේ... මෙහෙකරුවන් වෙනුවෙන් තිබූ මැටි ගසා තැනූ අතු පැල කිහිපය අනුර මැදුරට එපිටින් විය... එදින රැය මෙහෙකරුවන්ට නම් කිසිදු විවේකයක් නොවුණි... හේෂව හටද එය එසේම විය... වරෙක ඔයෙන් වතුර ගෙන ඒමට, තවත් වරෙක දර මිටි රැගෙන ඒමට, තවත් වරෙක මැදුර සැරසීමට යනාදී වශයෙන් එකී මෙකී නොකී කර්තව්‍යයන් රාශියක විවේකයකින් තොරව යෙදෙන්නට සිදුවිය...

"අර පැණි කැවුමා... දෑස් පියාගන්නටත් නැති කළා...! ආවදෙන්කෝ... මා ආවතේව කරන්නට...!!!"

මූණට බැනීම යනු සිහිනයක් පමණක්ම නිසා තරහා නිවෙනතුරු සිතෙන් බැන වැදී අවසන් කිරීමට ඉටා ගත්තද, කෝපයේ වැඩිවීමක් විනා අඩු වීමක් නම් නොවීය... සියලු වැඩ කටයුතු අවසන් කර, ලද අවසරයෙන් මුලුතැන්ගෙයින් පිටත වූ පිලෙහි හිඳ කණුවකට බර දී මොහොතකට දෑස් වසාගත්තේය...

අනුර මැදුරේ මෙහෙකාරකම් කළ දාසයා, කරදරකාර පැණිකැවුමා හා යුධ වදින්නට පැමිණි රණශූරයෙකු බවට පත්වීමට එතරම් වේලා ගත නොවුණි...

"කිමෙක්ද විශ්වාස කළ නොහැකී මෙය නම්... "

"අහෝ මෙය නම් ආශ්චර්යයක්...!

"මා යුධ බිමක...?"

"අනර්ඝයි...!!!"

අසුන්ගේ කුර ගැටෙන හඬ ඔහුට පැහැදිලිවම ඇසුණි... ඉදින් එපමණක් නම් කම්නොවේ...! අසිපත් හා පලිහ ගැටෙන හඬ... සෙබලුන් කෑගසන හඬ... අතරින් පතර මුළුතැන්ගෙයි දැළි වළං, ලෝහ බඳුන් එකට ගැටෙන හඬද රණ භූමියෙන් ඇසුණද ඔහු වන් රණකාමියෙකු හට එවැනි දේ පිළිබඳව සිතන්නට කාලයක් තිබේද...?

"හිඳිනු...! මා මෙතැනින් පැණි කැවුමා සොයාගන්නම්...!!"

"කොහිද...?"

"කොහිද මොහු...?"

"පැණිකැවුමෝ..."

"බිය වී සැඟවුණා නොවෙද..?"

මොහොතකින් ඔහු ඉදිරියේ අසුපිට නැගුණු, නමුත් මුහුණ වෙනුවට කැවුමක් තිබූ අයෙකු මතු විය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Où les histoires vivent. Découvrez maintenant