විහාධීෂ 61

504 120 38
                                    

විහා_ධීෂ

"එවර ධ්‍යාන වඩනවද...??"

කුටියේ සයනය මත හිඳ, තවමත් සලුව හඳිනා ඔහු මතින් දෑස් ඉවතට ගැනීමට නොහැකිව හුන් විහාධ්‍ය කුමරුන්ගෙන් නුවිධීෂ කුමරු විමසූයේ විමතියෙනි...

විහාධ්‍ය කුමරු හුන්නේ එක් පාදයක් සයනය මත දණින් නවා සිටුවාගෙන ඒ මතින් නිකට තබාගෙන නුවිධීෂයන්ගේ හිසේ පටන් දෙපතුල් දක්වාත්, නැවත දෙපතුලේ පටන් හිස දක්වාත් පිරික්සමිනි... ඔහු වැළඳගෙන හිඳින්නේ නුවිධීෂයන් නොව සිය පාදයම වග අමතකව ගොස් ඇති සෙයකි... සිහින් හසරැල්ලක් මුවග රඳවාගෙන, දෑස්ද අඩවන් කරගෙන කල්පනාවකය... ඉදින් එහි ගැඹුර කෙසේද කියතොත් නුවිධීෂයන් විමසූයේ කුමක්ද කියා හෝ ඔහුට සිහියේ නොවුණි...

"ඇඹුවාක් සේයි...!" හිස ඇළකර ඇසක් ඉඟිමරා සිනාසෙන්නට විය...

"කුමක්ද...??"

"දඨිකමය පිළිරුවක් සළු හඳිනවා...!!" නැවත ඇසක් ඉඟිමරා පැවසූ ස්වරෙන් නම් නුවිධීෂයන් යටිතොල දසන් අතර සිරවන්නට විය... ඔහු සළුව හඳිනා වේගය අඩාල කරමින් චෞරයෙකු සේ වරින් වර විහාධ්‍ය කුමරු දෙස බලන්නට විය...

"ඔහු හඳිමින් හිඳිනා ශ්වේත වර්ණ සළුවේ රන් පැහැ ගණකම් දාරයක්...! ම්ම්ම්.... මා බොහෝ ප්‍රියයි..."

නමුදු විහාධ්‍ය කුමරු වර්ණනා කළේ ඔහු සිතූ දේ නම් නොවේ...! ඔහු හැකිවූවාද තමා එසේ හිඳියදී සළුවක් දෙස බලා හිඳින්නට...??? ඔහු අමනාපයෙන් විහාධ්‍ය කුමරු දෙස බැලුවේය...

"සොමි සේ මයි ඉදින්...! මාගේ සුදිලෙනා සුපුන් සොමි...!!!"

"නවතනුකෝ...!!!"

දිගින් දිගටම අපේක්ෂාවන් බිඳී යද්දී, සළුව හැඳීම පසෙකලා අමනාපෙන් මැසිවිලි නගන්නට වූයේය...

"හිඳිනු මා සහාය වන්නම්...!!!"

"නුඹ කුමටද...?? න්..නුඹහ්..."

විහාධ්‍ය කුමරු විත් ඔහු ඉදිරියේ දණක් නවා හිඳ ගත්තේය... හිණට කර හැඳ හුන් සලුව ගලවා ඉවත් කළේය... ඔහු දෙස ඕනෑකමින් වරක් හෝ නොබලා සළුව හඳවන්නට වූයේය... සිටගෙන සිටින්නා නම් ඉදින් අමනාපයෙන් මුහුණ ඉවතට හරවාගෙනය... විහාධ්‍ය කුමරුන්ම නොවේද ඔහුව අවුස්සාදැමූයේ...??? දෑසින් ඉඟිමරා සියල්ල හඟවා පසුව කිසිවක් නොදන්නෙකු සේ හැසිරෙන්නේ...? කිමද ඔහු නුවිධීෂයන්ගේ හැඟීම් ක්‍රීඩාවකට ගනුයේ...??

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now