විහාධීෂ 68

422 98 27
                                    

විහා_ධීෂ

ප්‍රධාන වීථියේ සිට සැතපුමක් පමණ දුරට සිව මැදුර තෙක් විහිදී තිබුණු බොරළු පාරේ දෙපසින් වූයේත් මැදුර වටකොට තිබුණේත් වනයකි... මග දෙපස උස් සෙල් කණු සිටුවා ස්පර්ශ වූ පමණින් සිරුර විනිවිද යන සුළු තියුණු තල සහිත රැහැන් ඇද තිබුණේ වනය හරහා පැමිණෙන්නෙකුට මගට පිවිසීමටත්, එහි හිඳින්නෙකුට වනය හරහා පලායාමටත් නොහැකි වන සේයි...

ඉදින් පලා ගිය දුනුවායාට මග දිගට යනවා හැරෙන්නට අන් විකල්පයක් නොවන බැව් විශ්වාසය... ප්‍රාකාර ද්වාරය අසළත්, මගෙහි පලින් පලත් වැටී තිබුණු ආරක්ෂකයින්ගේ ප්‍රාණ නිරුද්ධ සිරුරු මග අවහිර කරන්නට වුවත්, ඇසිල්ලක පමාවකින් පවා බොහෝ දෑ මගහැරීමට හැකි නිසාවෙන් භද්‍ර කුමරුත්, නුවිධීෂ කුමරුත් පලාගිය දුනුවායා ලුහුබඳින්නට වූහ...

හේමගේ කුර වලට ඇවිස්සුණු දුහුවිල්ල වියැකෙන්නට නොදීම බොරළු මග පසුකොට ප්‍රධාන වීථියට පැමිණි අසරුවන් දෙදෙනාට විහාධ්‍ය කුමරුගේ සේයාවක් හෝ නොවේ පෙනෙන්නට වූයේ... තවමත් කඩපිල් වල බට පැලලි ඉවත් නොවූ වෙළඳ වීථියක, තොරතුරක් විමසීමට හෝ මිනිස් පුළුටක්  සොයන්නේ කෙසේද...? ඉදින් එසේ වද්දී, මං සලකුණු කියන්නට ඉදිරිපත් වූයේ රන් පැහැ අසු අවුස්සා දැමූ දුහුවිල්ල පමණයි...

සැතපුම් ගණනාවක් නොනැවතී දිවගියද, යාමේ කෙළවරක් නම් නොවුණි... සිව නගරයේ ජන ශුන්‍ය පෙදෙසක් ඔස්සේ වැටී තිබුණු පටු මගක් ඔස්සේ හෝරා ගණනාවක් පුරාවට දිව ගිය කාල හා ශ්වේත වර්ණ සෛන්ධවයන් දෙදෙනාගේ ගමන, පත්ල නොපෙන්නා තරම් අඳුරු දොළ පහරක් අසළින් මදකට නැවතුණි...

ඡත්‍රා මතින් බැසගත් භද්‍ර තෙත් වැල්ලේ සටහන්ව තිබූ අක්‍රමවත් අසු කුර සටහන් පිරික්සන්නට විය...

"අසුන් දෙදෙනෙකු...! දොළ හරහා ගොස් තිබේ...!!"

දිය දෝතකින් මුහුණ සෝදාගත් නුවිධීෂ ද, භද්‍ර අසළට ගොස් කුර සටහන් පිරික්සනට වූයේය...

"ම්ම්ම්... එසේයි...! ප්‍රමාද නොවී නික්මෙමු...!"

භද්‍රගේ දෑස් මගහැර පසුපස හැරී යද්දී සිය සුරත ඇසිල්ලකින් ඔහු හස්තයේ සිරවනු නුවිධීෂයන්ට දැණුනි... මෙවන් හදිසි මොහොතක එවර භද්‍ර සැරසෙන්නේ කුමකටද...?

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin