විහා_ධීෂ
නුවිධීෂයන් මාළිගයට විත්... නොවේ..! ඉන් පිටවන්නට ගිය ඔහු විහාධ්ය කුමරුගේ කුටියේ සිර කරුවකු බවට පත් වී සත් වන දිනත් ගෙවීමට ඇත්තේ තව හෝරා කිහිපයකි...
දින ගණනාවකට පෙර තමා සවස නැවත මැදුරට පැමිණෙන බව සිය සොයුරා හට පැවසූ වග ඔහුට එයින් පසු සිහිවූයේම නැත... ඉදින් ඔහු නැවත මැදුරට නොගියේ තමා හට විහාධ්ය කුමරු සමගම හිඳීමට ඇවසි වූ නිසා නම් නොවේ...! ඔහුට නැවත පැමිණෙන ලෙස කිසිවකු දැනුම් දුන්නේ නැති නිසාය... ඉදින් එහි වරදක් නොවේනේ...?
එසේම මනිලා දේවියද සත් දිනකට ප්රථම අවසන් වරට දුටුවායින් පසුව නැවත මුණ ගැසුණේ නැත... එය නම් ඔහුට මහත් මානසික සුවයක් විය... වැරදීමකින් හෝ ඈ කුටියට පිවිසුණේ නම් ඈ පිටවන තුරු ඇතුළු කුටියට වී හෝ හිඳීමට ඔහු තීරණය කොට තිබුණි...
අරුණාධි කුමරිය පිළිස්සුම් තුවාල ලැබූ පසු රාජ්ය පාලන කටයුතු සිදුවන්නේ කෙසේදැයි ඔහු දැන සිටියේ නැත... සෑම දිනම තමා අවධි වීමටත් පෙර පිටව ගොස් සවස් වී විඩාබරව නැවත පැමිණෙන බැවින් විහාධ්ය කුමරු විසින් ඒවා සිදුකරන්නේ යැයි ඔහු සිතාගත්තේය...
එසේම ගතවූ සෑම දිනකම රාත්රියේ විහාධ්ය කුමරු හා වාද කොට මාළිගයේ ඉස්තරම්ම මධුවිත බඳුනක් හිස් කිරීමට ඔහුට සාධාරණ හේතුවක් ලැබුණි... ඔහුට අනුව නම් විහාධ්ය කුමරු ගැටලු මවන්නේය... ඉදින් එසේ හේතුවක් නොවුණේ නම් විහාධ්ය කුමරු නම් මැවුම්කරු කෙසේ හෝ ඔහුට මධුවිතින් මත් වන්නට හේතුවක් මවාදුනි...
ඉදින් විහාධ්ය කුමරු හා වාදකොට කෝපගෙන සිහි මුර්ජා වන තුරුම මත් වූ පසු ඔහු නැවත අවධි වන්නේ පසු දින උදෑසනය... සයනයට ගොඩ වූ ආකාරයක් සිහියේ නොවුණද, ගත වූ සෑම දිනකම උණුසුම් හා සුවදායක අයුරින් ඔහු සැතපී තිබුණි...
නමුදු ඒ කුමක් වුවද, එසේ අවධි වන සෑම උදෑසනකම ඔහුට විසඳාගත නොහැකි ගැටලු ද්විත්වයකට මුහුණ පෑමට ඔහුට සිදුවිය... ඔහුට අනුව නම්, සෑම රාත්රියකම සිහි මුර්ජා වූ පසු තමා හට කුමක් හෝ අවැඩක් සිදුවේ...! නොඑසේ නම් මාළිගයට පැමිණි පසු තමාගේ සිහි විකල් වී තිබේ...!!
![](https://img.wattpad.com/cover/287146182-288-k665906.jpg)
YOU ARE READING
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
Historical Fictionවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.