විහාධීෂ 79

420 93 26
                                    

විහා_ධීෂ

ශෘංගාර මණ්ඩපය වෙත භද්‍ර නැවත පැමිණියේ තනිවමය... විහාධ්‍ය හා නුවිධීෂයන් නුදුවාක් සේ පසෙකට ගොස් ඔවුන්ට පිටුපා හිඳගෙන, අහස හිසමත කඩා වැටුණාක් සේ මණ්ඩපයේ කෙටි පවුරෙන් පිටත පෙනෙන රාජකීය උද්‍යානය දෙස බලාහිඳින්නට විය... රජු හා මාලිගය දෙසට පියනගන විභෂ්ණා මණ්ඩපය දෙස හැරී සිනාසී හස්තයෙන් සන්කළේ කුමක්දැයි කියා හරිහැටි නොවැටහුණි... නමුදු ඒ කුමක් වුවත් සෙල් රුවක් සේ එදෙස බලාහුන් භද්‍රට නම් එය නොපෙණුනු සේයි...

සිදුව තිබෙණුයේ කුමක් වුවත්, තත්වය තිබුණාටත් වඩා ගැටලුකාරී වී ඇති හැඩයි... නමුදු ඔහු නොවූවත් ඔහුගේ මිතුරිය හිඳියදී මෙය එතරම් දුරදිග යාමද අරුමයකි... රජු හා විභෂ්ණා නොපෙනී යනතුරු හිඳ, භද්‍ර සිය ධවල අසිපත හඬ නැංවෙන සේ ශෛලමය ආසනය වෙතට අතහැරියේය...

භද්‍ර දෙස බලාගෙන කල්පනාවේ හුන් නුවිධීෂයන් තිගැස්සී විහාධ්‍ය කුමරු දෙස බැලුවේය... කුමක් වුවත්, භද්‍ර පිළිබඳව ඔහුට අනුකම්පාවක් නොදැනුනා නොවේ...! නමුදු කුමක් කරන්නද...??? රජුගේ තීරණවලට ඔවුන් හස්තය පොවන්නේ කෙසේද...?

විහාධ්‍ය වුවත් භද්‍ර දෙස හෙළුවේ ජන්මාන්තර සතුරකු දෙස හෙලනා බැල්මක් නොවේ...! නමුදු එය සොයුරෙක් සිය බාලසොයුරා දෙස හෙලනා බැල්මක්ද නොවේ... ඒ සමුද්‍රය වන් දෑස්, එකදු හැඟීමක් හෝ නොමැතිව වියළී ගොසිනි...

"විහාධ්‍ය...!"

නිහැඬියාවකට පසුව එකවරම ඇසුණු ද්වේශය කැටිවූ ගර්ජනාව, විහාධ්‍ය නම් බොහෝ වේලාවක පටන් අපේක්ෂාවෙන් හිඳි සේයි... ඔහුද සිය කස්තානය පසෙකින් තබා ළය මතින් දෑත් බැඳගත්තේය...

"කියව...!"

"තා නොවෙද මැවැන්නක් සිදුකළේ...?????"

"කිමද තා උඩු බුරලන්නේ...??? මා හට පමණද ඔය මුවහත පෙන්වන්නට හැකි...??? ආහ්හ්...?? අර තගේ වදන් වලින් දමාගසනුකෝ රජු හටත්...!!!"

"දනිමි මා...!!! තා නොවේද මෑණියන්ගේ හිසට මේ මනස්ගාත දැමුයේ...?"

"තා...!! සැබැවින්ම අවසිහියෙන්ද භද්‍ර...??? තට මුවහැර පවසන්නට තිබුණානේ රජුට...! උන්මත්තකයෙක්...!!!! "

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Onde histórias criam vida. Descubra agora