විහාධීෂ 45

601 135 83
                                    

"අයියණ්ඩී...!!"

මෙය නම් ඉදින් තමාගේම වරද...!! තමා ගස් ගෙම්බකු සේ සයනයෙන් පනිනු දුටුවිට ද්වාරය අගුලුලන්නට කාලයක් විහාධ්‍ය කුමරු හට ඉතිරි වන්නේ කෙසේද...?? වෝහීෂ්‍ය කෑගසාගෙනම විත් නතර වූයේ කුටිය තුළය... "මොහොතකට දෙනෙත් පියාගැනීමට සැරසුණා පමණයි... දැන් ඉදින් එයත් හමාරයි...!"

වෝහීෂ්‍ය දිවවිත් සිටගත්තේ සයනය අසළයි... ඔහු නම් ඉදින් ශාක්‍රස කුමරුන් සේම පිවිතුරු මනසක් ඇත්තෙක් නිසා කම් නොවේ... නැතිනම් විහාධ්‍යගේ දෑතට මැදිව ඔහුගේ ළය මත්තෙහි හිස තබාගෙන හිඳිනා තමාවත්, තම හිසට සිය කොපුල තබාගෙන හිඳිනා විහාධ්‍යවත් දුටු විට කුමක් සිදුවේද යන්න සිහි කරනා විටත් දෑත් දෙපා අප්‍රාණික වන්නේය...

විහාධ්‍ය කුමරු නම් සුව නින්දකය... ඔහුද නුවිධීෂයන් සේම දින ගණනක් මුළුල්ලේම හරිහැටි නින්දක් ලබා නොමැත... ඉදින් වෝහීෂ්‍ය පැමිණියා කියා ඔහුගෙන් මිදීමටද නොහැක... මදක් හෝ සෙලවුණහොත් ඔහු අවධි විමටද ඉඩ තිබේ... එනිසා හුන් අයුරින්ම හිඳ වෝහීෂ්‍ය වෙත සිනහවක් පා විහාධ්‍ය කුමරු සැතපී හිඳින බවත්, උස් හඬින් හඬ නොනගන ලෙසත් හැඟවූයේය...

"මා පසුව පැමිණෙන්නම් අයියණ්ඩී...!"

ඔහුගේ විඩාබර මුහුණ පොළොවට බර විය... මුවින් පිටවූ සිහින් හඬද ඇසෙන නෑසෙන තරම්‍ ය... පැමිණි පමාවෙන්ම ආපසු පිටවන්නට හැරුණේය... කිමද මේ...? ඔහුගේ සිත රිදීමට තරම් යමක් තමා සිදුකළාද...??

"හිඳිනු කලවැද්දෝ...! සහායවනුකෝ මා හට හිඳගැනීමට...!!"

වෝහීෂ්‍ය පමණක් ඇසෙන තරම් පහත් හඬින් පවසා විහාධ්‍යගේ දෑත් අතරින් ප්‍රවේශමෙන් මිදුණි... වෝහීෂ්‍ය එවර නම් කිසිත් නොපවසා විත් ඔහුට හිඳගැනීමට සහාය වූයේය... නුවිධීෂයන්ගේ අනෙක් පසින් හිඳගත්තේය...

"කිමද මේ හදිසියේම...? කොහිද අර හෝතඹුවා...?? නුඹලා ගිය කාර්‍යය සාර්ථකද..??"

"ඔහු පැමිණේවි... පැමිණ පවසාවි..!! මා හට පළමුව යන්නට කීවා... නැතහොත් ඔහුගේ සිත කිළිටිවන්නට හැකියිලු...!!"

"ක්..කුමක්ද...??"

"එසේයි...! ඔහුම තමා ඉදින් ඔහුගේ අපභ්‍රංශ දනුයේ...!! එය නොවේ...! මෑණියන් පැවසූවා ඔබට ඉණෙහි සිදුවූ තැල්මක් නිසාවෙන් ඇවිදීමට අපහසු වග... විහාධ්‍ය කුමරුන් හාස්කමකින් දිවි ගලවාගත් බැව් පැවසූවා...!! කුමක්ද සිදුවූයේ ඔහුට...??" වෝහීෂ්‍යගේ හඬ නොඉවසිලිමත් ය... විහාධ්‍ය කුමරු හා වරින් වර කටු අකුලක් සේ ඇමිණුනද, ඔහු දැන් නම් සැබැවින්ම බියට පත් වී තිබේ...!

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now