විහාධීෂ 37

640 142 85
                                    

විහා_ධීෂ

විහාධ්‍ය කුමරු වජ්‍ර අසිපතද රැගෙන පිටව ගිය පසු නුවිධීෂ නොවේ ඔහුගේ සයනයේ හෝ හිඳගත්තේ... විහාධ්‍යගෙන් හැකිතාක් දුරස්ව සිටිය යුතුයි...!කුටියට පැමිණි අයෙකුට එක්වරම නෙත නොගැටෙන එක් මුල්ලක ගොස්  හිඳගත්තේය... හිස හා දෑත් දෙදණ මත සඟවා ගත්තේය...

මොහොතකට පෙර ඇදහැලෙන්නට ඇරඹුණු මුරුගසන් වර්ෂාව නිසා කුටිය තුළට හිරිකඩ වදිනු දැනේ... ඉදින් ඒ තවමත් විවෘතව ඇති කුඩා වා කවුලු කිහිපය නිසාවෙන්‍ ය... ඉදින් උඩුකය වස්ත්‍රයක් නොමැතිව හිඳිනා ඔහුගේ සිටුරට ඒ සිසිලස තදින්ම දැනුනද, එතැනින් ඉවත් වීමට ඔහුට සිත් නොවීය... මන්ද යත්, ඔහුගේ හදවතේ වූ ගිනි දැල් වලට හිරිකඩ මදක් හෝ සහනයක් ගෙන දෙනු ඇතැයි ඔහු විශ්වාස කළේය...

අග මුල ගලපාගත නොහැකි සිදුවීම් දාමයක් එක පිට එක සිදුවීමට ගත වූයේ හොරා කිහිපයක් පමණි... නමුදු ගැටලුව නම්, ඒ කිසිවක් එකකට එකක් නොගැලපීමයි... ඉදින් කෙතරම් කල්පනා කළා වුවද, පළමු සිදුවීමේ අග දෙවන සිදුවීමේ මුල සමග පෑහෙන්නේම නැත...

තමා මෙහි පැමිණියේ සරණ මංගල්‍යයට පෙර අවසන් වරට විහාධ්‍ය කුමරුන්ව හමුවීමටය... සිතූ අයුරින්ම ඔහුව හමුවන්නට හැකිවූ වග සැබෑයි... නමුදු ඔහු හට තමා දුටු විට කිසිදු සංතෝෂයක් නම් නොවේ වූයේ...! නොවේද..?? ඉදින් තමා එතැනින් පිටවූවා... නමුදු ඔහුම තමාව නැවත ඔහුගේ කුටියට ගෙන්වාගත්තා...!

ඉන්පසු තමාගේ මනස හඳුනාගත්තාක් මෙන් තමා හට මධුවිත බඳුනක් ලබාදුන්නා... තමා පැවසූ පමණින් උඩුකය වස්ත්‍ර ඉවත්කොට එය පිරික්සීමට ඉඩ දුන්නා... එයත් වදනකින් හෝ වාරණයක් නොදමා...!!

මධුවිතින් මත්ව තමා ඇදවැටුණේ පොළොව මත බැව් විශ්වාසයි...! නමුදු දෑස් හැරෙන විට සිටියේ ඔහුගේ සයනය මතයි... පෙරදින කවුලුවට ගැසූ නිසාවෙන් වේදනාදුන් හස්තයද වෙළුම් පටි වලින් ඉබේම වෙළී තිබුණි... මත්පැන් ඉහිරුණු උඩුකය සළුව ඉවත්ව ගොසින් තිබූ අතර කෙස් වැටියද සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් තිබුණි...

එවිට, අයියණ්ඩිය හට තමාව රැගෙන යාමටද නොදෙයි... ද්වාර හා කවුළු මුසා පවසමින් නිරතුරුවම අගුලු ලා තබයි... නමුදු තමා හට මෙහි සිටිනා ලෙසටද නොපවසයි... මැදුරේ සියල්ලන්ටම වසන් කරගෙන තමාව කුටිය තුළ තබාගෙන සිටියි...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now