විහා_ධීෂ
හේෂව ශාක්‍රස මැදුර තුළ ගෙවන තවත් දිනකට හිරු උදාවිය... දෙසතිය ගෙවී ගොස් තෙවන සතියද පූර්ණ වීමටයි යනුයේ... නමුත් නැවත අනුර නගරය වෙත යාමට කිසිදු අදහසක් විහාධ්‍ය කුමරුන් හට නැතුවා සේයි... ඔහු අනුර මැදුරටත් වඩා ශාක්‍රස මැදුර ප්‍රිය කළේ කිමද යන්න හේෂවට නොවේ වැටහුණේ... කොටින්ම කිවහොත් ඔහු එහි හැසිරෙන්නට වූයේ මැදුර තමාගේ ලෙසයි...
පෙරදින සවස ස්නානය කොට නැවත පැමිණෙන වග කියා නික්මුණුද උදෑසන නවයේ හෝරාව
පසුවනතුරුත් ඔහු නොවේ පැමිණියේ..."ඉදින් විහාධ්‍ය කුමරුන් තවම ස්නානය කරනවා විය යුතුයි...!!! ඔහු එම කාර්‍යය අවසන්කොට පැමිණේවි..."
හේෂව ඔහුට සමච්චල් කරමින් තමාටම පහදා දුන්නේය..."මා මේ කාලය ගැනින්නේ කුමරු හමුවන්නට නොඉවසිල්ලෙන් නොවේ... මා හට ඇවැසිවන්නේ ගමන පිළිබඳ විස්තරය දැනගැනීමට... මා කවදත් ඉදින් ගමන් බිමන් පිළිබඳව උනන්දුයිනේ... නොවේද...??"
"නමුදු... ඔහු පමණක් පැමිණීම ප්‍රමාණවත්නේ ඉදින්...! කුමටද අයියණ්ඩියව රැගෙන එන්නේ...??? ම්ම්හ්හ්... අනෙකක් නිසා නොවේ ඉදින්..!! දෙදෙනෙකු සමග එකම කාරණය පැහැදිලි කිරීමේදී පැටලිලි සහගතයි...!! නිවැරදි නොවේද මා..??"
හේෂව කුටියෙන් පිටතට පැමිණ තම ප්‍රියතම ස්ථානය වූ විසල් නුග වෘක්ෂය දෙසට ඇවිද යන්නට විය... වසර සිය ගණනාවක පෞරාණික භාවය ඉන් මනාව පිළිබිඹු වන්නට විය... කඳ වට රියන් හයසියයක් පමණ වූ අතර රියන් සියයක් පමණ උස් වූවක් විය... ශාක්‍රස කුමරු මැදුර වටා ප්‍රාකාරය ඉදිකිරීමේදී වුවද මේ විසල් නුග වෘක්ෂය ඉවත් කොට නොමැත්තේ එහි පෞරාණික භාවය නිසා විය යුතුය... හේෂව කල්පනාවක නිමග්නව සිටින අතරම ඒ වටා සෙමින් ඇවිද ගියේය... පවුරත් වෘක්ෂයත් අතර වූ ඉඩෙහි පැරණි යැයි කිව හැකි ශෛලමය ස්මාරකයක් වැනි යමක් ඇති බැව් ඔහු දුටුවේය... එවැන්නක් මෙහි ඇති වග ඔහු පෙර දැන සිටියේ නැත... එය කවරෙක් හෝ සිහිවීම පිණිස තැනූවක් වග ඔහු හැඳින ගත්තේය...
හේෂව එයවෙත ළංවී ඒ අසළ දණ නවාගත්තේය... එහි යම් කිසි නාමයක් අක්ෂර කිහිපයකින් සටහන් කොට තිබුණේය... කිමදැයි කියා නොවැටහුණු නමුත් ඒ කවරෙක්දැයි දැන ගැනීමට ඔහුට තරයේ ඇවැසි විය... නමුදු ඔහු එය කෙසේ කියා කියවන්නද...??
أنت تقرأ
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
أدب تاريخيවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.