විහා_ධීෂහේෂවගේ සුරත අල්වාගෙනම විහාධ්‍ය කුමරු සුව නින්දකය... අලුයම වෙදැදුරුවරයා දෙවන වරටද පැමිණ ගිය පසු ඔහු පොළොව මත හිඳ සයනයට හිසතබාගෙන සැතපුණු අයුරින්මය... වෙදැදුරුවරයා පැවසූ අයුරින් නම් ඔහුගේ තත්වය පෙරට වඩා බොහෝ සේ යහපත් ය... අද දහවල් වන විට ඔහු නිසැකවම අවධි වන්නේය...
ඔහුගේ වදන් අසා හිතට දැණුන සැනසීමටම විහාධ්‍ය කුමරු සුව නින්දේය... පසු දිනට පහන්වී උදෑසන සත්වන හෝරාවද පසු වී තිබුණි... නමුදු ඔහු නොවේ අවධි වූයේ...
හැර තිබූ කවුලුවෙන් නොනවත්වා ඇසුණු අසුකුර ගැටුණු හඬ විහාධ්‍ය කුමරුගේ සුව නින්දට බාධා කළේය... දෑස් විවර කළද ගෙල නම් හැරවීමට හෝ නොහැක... තමාගේ හස්තයේ රැඳී තිබුණු හේෂවගේ සුරත මත සිපුමක් තවරා නැගිට ගොස් කවුලුවෙන් පිටත බැලුවේය...
"විය නොහැකියි...!!!"
ඔහු කලබලය පිරි දෑසින් හේෂව දෙසත් කවුලුවෙන් පිටතත් බැලුවේය... ඉදින් මේ ගතවන්නා වූ ක්ෂණයක්ද බොහෝ සේ අගනේය... මොහොතක් හෝ ප්‍රමාද නොවී ඔහු ශාක්‍රස කුමරු සොයා දිව ගියේය... ඔහු එහි යන විට ශාක්‍රස කුමරුන්ද ඔහු සොයා පැමිණෙමින් තිබුණි... ඔහුගේ දෑසේද විස්මයක් හා ප්‍රශ්නකාරී බවක් ගැබ්වී තිබුණි...
"ඔවුන්... න්.. නමුදු... නමුදු කිමද මෙහි...??"
විහාධ්‍ය කුමරුන්ගේ කලබලයට හරි හැටි වදන් ගලපා ගැනීමටද නොහැක... නමුදු ඔහු අදහස් කරන දේ වටහාගැනීමට ශාක්‍රස කුමරුන් හට අපහසු නොවුණි...
"මටද නොවැටහේ පුත්‍රය... මෙවර කිමද කියා නොදනී මා... නමුදු නුඹේ පියා හා මා අතර පෙර තරම් සුහදත්වයක් නොවේ නේ... ඉදින් පෙර දැනුම්දීමකින් තොරව අනෙක් නගර වල කුමාරවරුන් හා මෙතරම් ආරක්ෂකයින් පිරිවරා මෙහි පැමිණෙන්නට තරම් වැදගත් හේතුවක් කුමක්ද කියා නොහැඟේ මට... කෙසේ වුවත්... එය යහපත් යමක් කියා නම් සිතන්නේ නැහැ මා... සුවිහීෂ දැනටමත් මැදුරේ ආරක්ෂාව තරකොට ඇති...!"
ශාක්‍රස කුමරුන්ද කිසිවක් වටහාගැනීමට නොහැකි තරම් කලබලකාරී වී ඇත... සුනීද්ව රජු චතුර් නගර ස්ථාපනය කර කෙටි කලකින් ශාක්‍රස කුමරු හා අනුර කුමරු අතර වූ දැඩි හිතවත් කම ක්‍රමයෙන් අඩුවන්නට විය... එසේම ඔහුගේ බාල පුත්‍රයා උපන් පසු රජු සිදුකළ ප්‍රතිඥාවත් සමග සිව කුමරු හා දසනාර කුමරුන්ද ඔහු සමග වූ හිතවත් බව ක්‍රමක්‍රමයෙන්අඩු කළහ...
أنت تقرأ
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
أدب تاريخيවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.