විහාධීෂ 46

565 126 34
                                    

විහා_ධීෂ

අවර දිසාවෙන් මළ හිරු බැසයමින් තිබුණේ දිනේන්ද්‍ර මැදුරට වැටුණු මූසල බැල්ම දිනෙන් දිනම තීව්‍ර කරමිනි... දෙදිනක සිට ඇසෙන කණකොක් හැඬීමත්, රෑ මැදියම ලැහැබෙන් නැගුණු උල ලෙහෙන් නාදයත්  එහි සිටියවුන් අනියත බියකින් පුරවාලන්නට සමත් වූ බැව් නොපැවසුවහොත් මුසාවකි... ඉකුත් සය දින පුරාවටම මැදුරේ වෙද කුටියේ ද්වාරය විවර වූයේ නැත... ප්‍රතිකාර ගැනීමට කියා එහි පැමිණිවුන් සියල්ලටම පාහේ නැවත හැරී යන්නට සිදු විය... හදිසි රෝගියෙකු හට ප්‍රතිකාර කිරීමට කියා පිටව ගිය නිරෝධා දේවියද නැවත මැදුරට පැමිණියේ නැත...

ඈ දුරබැහැරක යනුයේ හදිසියෙනි... සය මසකින් පමණ ඈ එසේ ග්‍රාමයෙන් පිටට ගොස් තිබුණේම නැත... ඈ එසේ යනුයේද අසාධ්‍ය රෝගියෙකු වූයේ නම් පමණි... ඉදින් යන තැනක්ද නොපවසා හදිසියේම පිටත් වූ ගමන එතරම් යහපත් නොවූ සේයි... සිව් කුමරුවන් ගොස් සකල දිසාවේම සෙවූවද හමුවූ කිසිවක් නොවුණි... ඈ සමග කතා කළ අයෙකු තබා ඈ දුටු අයෙකු හෝ හමු නොවුණි...
පෙර කිසිවිටෙක දෙදිනකට වඩා ප්‍රමාද වී නොමැති ඈ නැවත පැමිණෙන සේයාවක් හෝ පෙනෙන්නට නොවුණි... ඉදින් පෙර මග බලාහිඳුමට ඉතිරිව තිබූ එකම හේතුව ඈ උපද්‍රවයකට ලක් වූ වගක් සැල නොවීම පමණකි...

"සුරතල් කුමරුවනි..., බිය ගැනුමට කාරි නොවේනේ ඉදින්...! ඈ ඉක්මනින් පැමිණේවි...!"

ඒ දිනකට දහ දොළොස් වතාවක් වෝහීෂ්‍යගේ සවන් වැකෙන දුශාලාගේ හඬයි... සතුරු දිවි සිඳලූ අසිපතක් දැරුවා වුවද, ඔහු තවමත් පහළොස් හැවිරිදි කුඩා ගැටවරයෙකි... මෑණියන් තුරුළට වී සෙනෙහස සොයන්නෙකි... ඉදින් සොයුරන් සේ නොහඬා හිඳීමට ඔහුට නොහැකිය... ඔහු හැඬුවද තම මෑණියන් සෙවීමේ සිහියෙන් හිඳිනා සොයුරන් ඔහුව තකන්නේ ද නොමැත... ඉදින් මැදුර තුළ ඔහුව සැනසුමට අයෙකු වූයේ නම් ඒ දුශාලාම පමණයි...

"මෑණියන් පැවසූවාලු ඉක්මණින් පැමිණෙන වග...! පිටව යාමට පෙර වරක් හෝ මා වැළඳගැනුමට තිබුණා ඈ හට... අර හෝතඹුවා හට මොළයක් නොවේනේ ඉදින් යන තැනක් විමසීමට...!!! මා වූයේ නම් ඈ හට තනිව යාමට නැහැ දෙනුයේ...!!"

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now