විහාධීෂ 14

1.1K 229 44
                                    


විහා_ධීෂ

"කිමද මේ..?? දෑස් හරිනු..!! මදෙස බලනු..!!! කිසිවක් සිදුවන්නේ නැහැ..!!! මා නුඹට කිසිවක් සිදුවීමට ඉඩ තබන්නේ නැහැ...!! නුඹ හට මා විශ්වාස නොවේද??"

උද්‍යානයේ සිට මැදුර දක්වාම විහාධ්‍ය කුමරුගේ කලබල සහගත වෙව්ලන සුලු ස්වරය මඟ දිගට ඇසෙන්නට විය... ඉදින් මද වේලාවකට පෙර නීල වර්ණයෙන් බැබළෙමින් සූර්‍යයා සේ ප්‍රභාවිතව සිටි ඔහු රුධිරයෙන් නැහැවී ගොස් උන්මත්තකයෙකු සේ හැසිරෙමින් හේෂවද ඔසවාගෙන දිව යන්නට විය...

තමා සුධිරාට ගැසූ අතුල්පහරේ හඬද පරයා යන හඬක් නංවන්නට තරම් දැඩි හඬකින් හේෂවගේ හිස ගලෙහි ගැටෙනු විහාධ්‍ය දුටුවේය... සියල්ලටම වඩා තමා  එවැන්නක් කළාදැයි විශ්වාස කිරීමට හෝ විහාධ්‍ය කුමරුන්ට නොහැකි විය... ගතවූ ක්ෂණය තුළ ඔහුගේ පියවි සිහිය ඔහුගෙන් මිදී බොහෝ දුර ගොස් තිබුණි... මඟ දිගටම ඔහුගේ දෑස් ඉදිරියේ හේෂව රුධිරය ගලමින් වැටී හුන් ආකාරය මැවී පෙනෙන්නට විය... ඔහුට ඇවැසි වූයේ හේෂව සුධිරාවගෙන් ඉවත් කිරීම පමණයි... කෙලෙස දරාගන්නට ඔහුව වෙනත් අයෙකු සිපගන්නා'යුරු... ඉදින් කෙලෙසද එය ඔහු මෙලෙස මරණය අභියසට රැගෙන ගියේ...??

"තී තවත් මෙහි සිටිනවාද..?? තී නොවන්නට ඔහුට කිසිවක් සිදුවන්ට තිබුණා..!!!"

විහාධ්‍ය කුමරු කිසිදිනක නොවූ සේ වියරු වැටී, හඬමින් ඔවුන් පසුපස දිව එමින් සිටි සුධිරාව හට කෑගසන්නට විය... අසරණ සුධිරාද හේෂව හිඳිනා අයුරු දරාගත නොහැකිව හඬමින් ඔවුන් පසුපස පැමිණියද, සිය සොයුරාගේ කෲර වදන් දරාගත නොහැකිව ඔවුන් හැර මැදුර වෙත දිවගියාය...

විහාධ්‍ය කුමරු හේෂවද රැගෙන සිය කුටිය වෙත පැමිණියේ සිහියකින් නොවේ... කුමක් හෝ භාග්‍යයකට  ඒ වනවිටත් වෙදැදුරුවරයා, සුවිහීෂ කුමරු හා ශාක්‍රස කුමරු එහි පැමිණ තිබුණි...

හේෂව සෙමින් සයනය මත තබනවිටම ඔහුගේ හිස අප්‍රාණිකව ගොස් පසෙකට හැරුණි... හිසෙහි දකුණු පසට වන්නට තිබූ තුවාලය කොහිදැයි හඳුනාගත නොහැකි වන සේ කෙස්වැටියත්, ගෙල, පපුව හා කොපුලත් වසාගෙන රුධිරය ගලායමින් තිබුණි... ඔහුව සයනය මත තැබූ විගස ශ්වේත වර්ණ වූ ඇතිරිල්ල වැඩි වේලාවක් ගතවන්නට මත්තෙන් රත් පැහැයට හැරුනි...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now