විහා_ධීෂ
සැතපුම් කිහිපයක් පුරාවට දිව ගිය පාලු වීථිය පුරාවට අතරින් පතර වූ කටුමැටි ගසා තනා තිබුණු කුඩා කඩපිල් කිහිපයත්, ඒවාටම ඈඳී තිබුණු කුඩා නිවාස කිහිපයත්, ඉඳහිට මුහුණට මුහුණලා හමුවන දුගී ගම් වාසීන් කිහිපදෙනත්, පලින් පල වූ වීථි සුනඛයන් කිහිපදෙනාත් හැරුණු කොටගෙන එහි සැක කටයුතු කියා සිතිය හැකි කිසිවකු නොවේ වූයේ... අරුණ වැටෙන තුරුම ඔවුන් සිදුකළේ ඉදිරියට මුණගැසෙන්නන්ගෙන් හා එහි තිබූ නිවාස සියල්ලෙන්ම පාහේ තොරතුරු විමසීමයි... නගරයේ පාලකයා එසේ විමසද්දී සියල්ලෝම බයාදු ලෙස විත් පැමිණියේ සත්‍ය බැව් ඔවුහු විශ්වාස කළහ... ඒ කුමක් සිදුකළද, සුරතේ කොටසක් අහිමි පුද්ගලයෙකු හෝ කිණිසි පහරක් ලද කාන්තාවක් දුටූවෙකු හමුවූයේ නැත...
නුවිධීෂයන්, එක පිට එක සිදුවූ සිදුවීම් නිසාවෙන් සිටියේ බොහෝ සෙයින් හෙම්බත් වීය... ඔහු තම නැන්දණියව අවසන් වරට දුටුවේ තමා විහාධ්‍යගේ පා පහරට ලක්වූ දින ප්‍රතිකාර කරන්නට පැමිණි විටය... හෝරා කිහිපයක් ගත වූ තැන ඈ හදිසියේම පිටව ගිය වග දැනගන්නට ලැබුණි... ඈ පිටව ගියේ තමාගේ සිතෙහි වූ කුකුස සංසිඳුවාලන්නට මගක්ද පාදා ය... ඉදින් දැනගත් සියල්ල ඈ හා පවසන්නට බලා හිඳියද, ඈ නොවේ නැවත පැමිණියේ...!
නමුදු හදිසියේම කොහිදෝ හිඳ මැදුරට පැමිණි භද්‍ර ඔහුගේ වෛරය නැවත අවුස්සා දමන්නට සමත් විය... ඔහු පැමිණි මොහොතේ පටන් අවන්හල වෙත පැමිණෙන තෙක්ම සිදුකළ සෑම ක්‍රියාවක්ම ඒ තරහව උත්සන්න කළා මිසක, තරහව නිවාලන්නට හේතු වූයේ නැත... පහර පිට පහර කෑවා කියා බිඳක් හෝ අඩු නොවන ඔහුගේ උද්දච්චකම පෙරටුකොට ගෙනම ඔහු ඔවුන්ව රැගෙනවිත් තිබෙනුයේ පෙර දිනෙක තමා නිසාවෙන් ඔහුගෙන් මිදී පලාගිය ගොදුර සොයාගන්නටයි... නමුදු හදිසියෙන් සවන් වැකුණු දේ...???
නවීශ්ධ හට තිබෙණුයේ සිය නැන්දණියගේ මුහුණුවර බැව් හෙතෙම දනී... භද්‍ර සිය නැන්දණියව කිසි දිනෙක දැක නොමැති වගද ඔහුට විශ්වාසය... ඉදින් මහලු කාන්තාව පැවසූ දේ ඔහුගේ සැලසුම් අනුව සිදුවූ කුටිල කටයුත්තක් විය නොහැක... රෝගියෙකු හට ප්‍රතිකාර කරන්නට ගිය සිය නැන්දණිය, සිව නගරයේ පාලු වීථියක කිණිසි ඇනුම් කා රුහිරු වගුරාගෙන හිඳි බැව් කෙලෙස නම් විශ්වාස කරන්නද...??? එයත් කුසට ඇණුනු පහරක්...??? කෙනෙකු හට මරණීය කිණිසි පහරක් එල්ල කරන්නට සුදුසුම තැන් වලින් එකක් නොවේද එය...?? රුහිරු ගැලීම නොනැවතී මිනිත්තු කිහිපයක් ඇතුළත කිණිසි පහර කෑ පුදගලයා මියයන්නේය...
ESTÁS LEYENDO
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
Ficción históricaවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.