විහාධීෂ 6

1.2K 263 48
                                    


විහා_ධීෂ

ඉදින් විහාධ්‍ය කුමරුගේ විසල් කුටිය සිය කුඩා පැල්පතට වඩා සුවපහසු බව හේෂව හට හැඟුණි... එහි දිරා ගොස් තිබූ කලාලයට වඩා විහාධ්‍ය කුමරු ඔහුට ලබාදුන් පොරෝනාවද එසේම සුව පහසු විය... කුමරු පැවසූ සියලු කටයුතු නිමකර සැතපීම පිණිස කුටියේ කොණක පොරෝනාවද එලාගෙන වැතිරුණේය...

නමුදු නින්ද නම් ඔහු අසළක වත් නොවුණි...

ඔහු විහාධ්‍ය කුමරුගෙන් සවස සිදුවීම පිළිබඳව කිසිවක් නොවිමසුවේය... එසේම කුමරුද කිසිවක් නොපැවසුවේය... ඉදින් හේෂව යමක් වටහාගත්තේ නම්, ඒ තමා නොදන්නා යමක් මැදුරේ සිදුවන බැව් පමණි...

විහාධ්‍ය කුමරු රාත්‍රිය මධ්‍යයේ කුටියෙන් පිටව ගියේ දැන් තෙවන වරටය... පළමු වර ඔහු නැවත පැමිණෙද්දී ඔහු හස්තයේ රෙදිකඩක ඔතා සඟවාගෙන පැමිණි යමක් විය... හේෂව ඒ දෙස බලා සිටින්නට ගොස් ඔහුගේ දෝෂාරෝපණයට ලක්වුණු අයුරුද ඔහුට මතකය... ඔහු ඉවත බැලූ වහාම එය කොහිහෝ සඟවන්නට ඇතිවග හේෂව සිතා ගත්තේය...

දැන් ගෙවෙන්නේ කුමන හෝරාවදැයි හේෂව නොදනී... නමුදු කෙනෙකුහට මරණයක් පිළිබඳ සිහි කරවන, ඈතින් ඇසෙන උලමෙකුගේ මූසල හඬ නිසාවෙන් තවම අලුයම දෙවන හෝ තෙවන හෝරාව පමණ වන්නේයැයි ඔහු සිතාගත්තේය... අරුණ වැටී දෙහෝරාවකින් පමණ මැදුරින් පිටත් විය යුතුය... විහාධ්‍ය කුමරු පැවසූ සැටියෙන් සැතපුම් ගණනාවක් නොනැවතී අසු පිට යා යුතුය...

සුධිරා දේවී සමග ඈව අනුර නගරයේ ශාස්ත්‍රාලය වෙත ඇරලවීමට යාමේදී නම්, ඔහු හට අසුපිට නැගී ඈ පසුපස යාමට අවසර ලැබී තිබුණි... ඒ සඳහා ඔහුට උසස් කුලයක නොවන අසකු ලබාදීමට එකී මෙකී නොකී සියල්ල පවසා කෙසේ හෝ අනුර කුමරු කැමති කරවාගන්නට ඈට හැකි විය... ඉදින් ඈ නොසිටින්නට හේෂව හට අසු පිට යාමද සිහිනයක් පමණක්ම වනු ඇත... තමාට අසුන් හැසිරවීමට හැකියාවක් ඇත්දැයි විහාධ්‍ය කුමරු පෙර නෑසූයේ ඇතැම් විට හේෂව හට මතකයේ නොමැති වුවද පෙර දිනක ඒ බව ඔහුට පවසන්නට ඇති නිසා විය හැකි බව ඔහු සිතා ගත්තේය...

එකවරම ඔහුගේ සිතිවිලි වලට බාධා කරමින් කුටියේ ද්වාරය විවර විය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now