විහාධීෂ 25

1K 207 75
                                    


විහා_ධීෂ

"කිමද නුඹ...? ප්‍රේම කරනවාද අසිපත සමග...??"

"..........."

"දැන් බොහෝ වේලාවක් පුරා එදෙස බලාගෙන හිඳ කල්පනාවක නුඹ...!!"

"............"

"එයට අකමතියි කීවා නොවේද??"

"නොවේ...! මා සැබැවින්ම අප දෙදෙනා එළඹුණු ගිවිසුමක් එයට නැවත සිහිපත් කළා..."

"ගිවිසුමක්....?"

"එසේයි...! කිව නොහැකියි නුඹට එය...!! අප දෙදෙනා පමණයි දනුයේ..."

"එයත් එසේද...? සිටිනු මා කවුලුව විවර කර පැමිණෙන්නම්..."

අටවිසි දිනකට වරක් පමණක් නුබ ගැබෙහි මෝදු වන පූර්ණ චන්ද්‍රයා, ස්වකීය සෞම්‍ය රශ්මි කදම්භය විහිදුවාහරින්නට අරඹාය... විවර වූ කවුලුවෙන් සිහිල් මාරුතය හා එක්ව අනාරාධිතවම කුටිය තුළට පිවිසෙන්නාවූ රජත වර්ණ දුහුල් මිහිදුම් සළුව දෙසිරුරුද වෙළාගෙන ප්‍රදීපාලෝකයෙන් තොර වූ කුටිය ඒකාලෝක කරන්නට විය... අන් කවරදාටත් වඩා අනෙකාගෙන් උණුහුම සොයන්නට සිතට අනුබල දෙන්නා වූ සිසිලසක් එහි ගැබ්වී තිබුණි...

සයනය මත හිඳගෙන හුන් නුවිධීෂයන්ද නැගිට කවුලුව වෙතට පිය මැන්නේය... ඉහළ මහළෙහි වූ විහාධ්‍යයන්ගේ කුටියට දෙව්නා මෑණියන් හට සෙවණ දෙන්නාවූ නුග වෘක්ෂය හොඳින්ම පෙනේ... එයද අද සොමි කැළුමින් නැහැවී ගොසින් ය... හරිත වර්ණ නුග පත්‍ර රජත වර්ණයෙන් දිදුළයි... ඉදින් ඇයට අද සුවෙන් සැතපිය හැකිය... සෞම්‍ය සිසිරකර ආගමනයට රුදුරු නිශාව පලාගොසින්‍ ය...

ඉදින් සියල්ල මෙතරම් ප්‍රභාවිතව තිබියදී, නුවිධීෂයන් හට පසෙකින් කවුලුව අසළම සිටගෙන සිටිනා විහාධ්‍යයන්ගේ මුහුණේ නම් කිසිදු කාන්තියක් නොමැත... එය තිමිර පටලයකින් වැසී ගොසින්‍ ය... සැමවිටම තමා හා සිනාසෙමින් කවටකම් කරමින් සිටියද, ඔහු හිස මත දරා සිටින්නාවූ ගැටලු සම්භාරය සුළුපටු නොවන වග නුවිධීෂයන් දනී... ඉදින් එය යන්තමින් හෝ ඔහු තමාට පෙන්වන්නේ මෙවන් විටක පමණි... ඔවුන් හට නම් අනුරාගයෙන් මත්ව හැඟීම් උතුරා යන සුයාමය ආශාවන් පියවා ගැනීම උදෙසා සිදුවන්නක් නොවේ... එය හුදෙක්ම සෙනෙහස, වේදනාව, පසුතැවීම, බිය, රැකවරණය, රාගය යනාදී සියලු හැඟීම් එකවර රිසි සේ මුදාහරින්නට ඔවුන් හටම වෙන්වුණු හෝරා කිහිපයකි...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Onde histórias criam vida. Descubra agora