විහාධීෂ 67

405 104 39
                                    


විහා_ධීෂ

ඉදින් කාල හා ඡත්‍රා ඉස්තාලයෙන් පැනගොසින් සේයි... නැතිනම් ඔවුන් රැගෙන එන්නට කියා යැවූ දාසයාගේ සේයාවක් හෝ පෙනෙන්නට නැත්තේ කිමද...? රන් පැහැ අසු 'හේම' නම් මිතුරන් ගැන වගක් නොමැතිව පසෙකට වී තෘණ උලාකමින් හිඳියේය...

තමා තනිව හිඳිනා බැව් සිහි නොවූ සේ විහාධ්‍ය කුමරු, පර්ණිතා දේවිය හා පිළිසඳරක යෙදෙමින් යාර ගණනාවක් ඈතින් වූ අටපෙතියා කුසුම් යායත් පසුකර ගොසිනි... ඉදින් අඩුවකට වූ පුද්ගලයා නම් දැන්ම නොයෙන තරමටම වඩා යහපත්ය...

නුවිධීෂ කුමරු, බඹ සතරක් පමණ උස් වූ මහා පවුරින් තරමක් මෙපිටට වන්නට තිබූ විසල් දිය මල වෙත ගොස් ගලක් මතින් හිඳගත්තේය...

ඉදින් හිම වන් සිසිල් දියබිඳු විසිරී සිය සිරුරම හිරිවැටීම ගැන හෝ උදෑසන සයේ හෝරාව පසුව තිබියදීත් ධරණී තලය සිපගන්නට නොපැමිණි උඩඟු හිරු රැස් ගැන හෝ ඔහුට කිසිදු අමනාපයක් නොවුණි... එසේම කිසිවකු නොදන්නා එක් සිදුවීමකට සාක්ෂ්‍යකරුවකු වූ සිසිල් සුළං රැල්ල විහාධ්‍ය කුමරුන්ගේ සවනතට එය කෙඳුරුවේ නැතත් ඔහු ලද සංතෝෂයක්ද නොවුණි...

විහාධ්‍ය කුමරුන්ද, තමා අගක් මුලක් නොදන්නා බොහෝ දෑ තමාගෙන් වසන් කරනා බැව් හෙතෙම දනී... නමුදු ඔහු එසේ නොවේ...! කුමක් වුවත් මෙතරම් දෙයක්, මේ වන තුරු තමා ඔහුගෙන් වසන් කළේ කෙසේද කියා ඔහුටම පුදුමය...

රැයෙහි කුටියේ වූ අඩ අඳුර, සිය දෑස් වල වූ නොසන්සුන් බව  ඔහුට නොපෙන්වූ බැව් නුවිධීෂයන් හට විශ්වාසය... ඔහුගේ ගෙල පාමුළ නැවතුණු සිය දෙතොලේ වූ සිසිලසත්, ඒ ආංගුලයන් බඳපටිය අතුරින් රිංගන්නටත් කලියෙන් සිය ළයෙහි වූ නොසන්සුන් ගැස්මත් ඔහු නොතැකූ බවද නුවිධීෂ කුමරුන් හට විශ්වාසය...

නමුදු කිමද මෙසේ හැඟෙන්නේ...? කුමක් හෝ වරදක් ඇති බවක්...? විහාධ්‍ය තමාට නොදැනෙන සේ තමාව මගහරිනා බවක්...? ඉදින් ඒ සැබෑවටමද...? නැතිනම් තම නාහෙට නාහන මනස එසේ තමාට හඟනවාද...? ඔහුගෙන් කිසිවක් වසන් නොකරනා ලෙසට කියා තමාව බියවද්දනවාද...?

දෙදිනකට පෙරාතුව චන්ද්‍ර මාලිගයේදී විහාධ්‍ය කුමරු ආශාවෙන් සිය යටිකය වස්ත්‍රය හැඳවූවාට පසු, ඔහු තමා වෙත හෙලන බැල්මේ පවා පෙරට වඩා මෘදු බවක් ඇති බැව් ඔහුට හැඟී තිබුණි... ඔහුත් තමාත් තනි වූ විට සවනට කර මුමුණන වදන් පවා මහා ස්නේහයකින් පිරී තිබුණි... ඉදින් ඒ සෑම මොහොතකම... මුළු මුහුණේම දෙතොල් තවරමින් පවසන්නට ඔහුටම වූ වදන් ඔහු සොයාගෙන තිබුණි...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now