විහාධීෂ 21

1K 227 84
                                    


විහා_ධීෂ

තමා විත් සැතපුණේ තම කුටියේ වග හේෂව හට විශ්වාසය... හොඳින්ම විශ්වාසය... නමුදු දැන් තමා සිටින්නේ විහාධ්‍ය කුමරුන්ගේ කුටියේය... ඔහු සැතපීහුන් අයුරින්ම දෑස් වසා හිසද දෙපසට ගසා දෑස් විවරකර නැවත හිස කරකවමින් කුටිය පුරා බැලුවේය... නැත... මෙය විය නොහැකියි...!!! තමා මග දිගට මදුවිත බඳුන පානය කරමින් පැමිණියද හොඳින් සිහි තිබූ වග ඔහුට විශ්වාසය...

"ඉදින් කෙසේද මෙහි පැමිණියේ මා...??"

අන් දිනක වුවානම් කිසිදු ගැටලුවක් නොවේ... නමුදු තමා සිටින්නේ ඔහු හා අමනාපයෙන් නොවේද...??

"කොහිද මේ විහාධ්‍ය..?? මා හට අතුල් පහරකුත් ගැසුවා නොවේද..?? ඔහුද මා මෙහි ඔසවාගෙන විත් තිබෙනුයේ...???"

විහාධ්‍ය කුමරුන් හට සිතින් දොස් නගමින්ම හේෂව අනෙක් පසට හැරුණේය... නමුදු බලාපොරොත්තු නොවූ පරිදි එක්වරම දුටු දසුනින් ඔහු සයනයෙන් නොවැටී බේරුණේ යන්තමිනි... ඔහු දෑස් වසාගෙන හිසද දෙපසට වනමින් සැනසුම් සුසුමක් හෙළුවේය...

"මොහු කුමක්ද මෙහි කරන්නේ... එයත් සයනයේ සැතපී සිටින'යුරු...! කෙසේ වුවත් සැතපී සිටින විට නම් කුඩා දරුවකු සේයි... අවධි කරන්නටත් ලෝභ සිතේ...!"

ඔහු හා විසඳාගන්නට කෙතරම් ගැටලු තිබුණද, ඉදින් මුහුණ දෙස බලාගෙන දොස් නගන්නේ කෙලෙසද...?? සැතපී සිටින'යුරු බලා ඔහු කෙතරම් වෙහෙසින් සිටින්නේදැයි ඕනෑම අයෙකුට පැවසිය හැක... ඔහු අසළින් හමන්නා වූ සඳුන් සුවඳින් නැහැපුඩු පුරවාගෙන තම මුහුණට වියතකටත් නොඅඩු දුරින්, තමා වෙතට හැරී සුවෙන් සැතපී සිටින්නාවූ විහාධ්‍ය කුමරුගේ සොමි වන් උවන දෙස නොඑසේ නම් හේෂව හට ලොව ඇති සොඳුරුතම දසුන දෙස වශී වූවකු සේ බලා සිටින්නට විය... කවුලුවෙන් ගලා ආ මන්ද මාරුතයට හසුව ඔහුගේ මුහුණ මතට වැටුණු අකීකරු දිගු කෙහෙරැල්ල ඔහුගේ සුව නින්දට බාධාවක් වේදැයි හේෂව හට බියක් දැණුනි... ඉදින් ඔහු සිය වමත ඔසවා එය ඉවත් කරන්නට තැනුවේය... නමුදු නොහැක... එය අඬුවකට හසුවී මෙන් තම සිරුර හරහා වැටී ඇති විහාධ්‍ය කුමරුන්ගේ හස්තයේ පැටලී ඇතිවග ඔහු දුටුවේ දැන් ය... තමා මෙතෙක් වේලා හිස තබාගෙන සිට ඇත්තේ ඔහුගේ සවිමත් උරබාහුව මතයි... හේෂවගේ මුවගට කෙළිලොල් අහංකාර සිනාවක් පැමිණියේ කොයින්දැයි ඔහු හෝ නොදනී...ඔහු විහාධ්‍ය කුමරු අවධි නොවන සේ සිය හිස සයනය මතින් තබාගෙන ඔහුගේ සුරතේ පැටලී තිබූ තම හස්තය ප්‍රවේශමෙන් තමා අසළට ගත්තේය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Donde viven las historias. Descúbrelo ahora