විහාධීෂ 34

611 155 62
                                    

විහා_ධීෂ

තවත් දෙමසක් ගෙවී ගොස් පෙර කියූ සිව්මස් සම්පූර්ණ විය...

මහෝධ්‍ය නුවර රජ මාළිගයෙන් විටින් විට නව පුවත් පැතිරෙන්නට විය... ඒවායින් බොහෝමයක් විහාධ්‍ය කුමරු හා අරුණාධි කුමරිය හට සම්බන්ධ ඒවා විය... රාජ්‍යයේ පාලන කටයුතු තාවකාලිකව අරුණාධි කුමරිය හට පැවරී තිබුණු අතර සරණ මංගල්‍යයෙන් පසු සිහසුන විහාධ්‍ය කුමරුන් හට හිමිවන ලෙස සියලු කටයුතු සම්පාදනය කර තිබුණි... අනුර කුමරුන්ද වරින්වර මාළිගයට පැමිණෙන වග දැනගන්නට ලැබුණු අතර මනිලා දේවිය පිළිබඳව නම් කිසිදු තොරතුරක් නොවේ දැනගැනීමට වූයේ...

එසේම ශාක්‍රස මැදුරේ තත්වය පෙරට වඩා තරමක කලබලකාරී ස්වරූපයක් ගෙන තිබුණි... සුවිහීෂ කුමරු කිහිපවරක්ම මාළිගය වෙත යාමට තැත් කළද ඒ සඳහා ශාක්‍රස කුමරුන්ගේ අවසරය ඔහු හට හිමි  නොවුණි... සුධිරා දේවී ද මැදුරේ සිටියවුන් මගහැරීම නවතා දැමුවාය... ඈ සුපුරුදු සිනහවෙන්ම සියල්ලන් සමගම පෙර පරිදි කටයුතු කළාය... විහාධ්‍ය කුමරුන් නිසාවෙන්, ශාක්‍රස කුමරු හෝ සුවිහීෂ කුමරු ඈ හට කිසිදු වෙනසක් නොකිරීමට වගබලා ගත්හ... සියල්ලටම වඩා, ඈ දිනයේ වැඩි කාලයක් ගෙවා දැමූයේ නුවිධීෂයන් සමගින් වුවත් සුවිහීෂ කුමරු ඒ පිළිබඳව කිසිවක් විමසන්නට ගියේ නැත...

එසේම පලා ගිය දසනාර, සිව හා ප්‍රදුම කුමරුන් පිළිබඳව කිසිදු තොරතුරක් නොවූ අතර දසනාර පුරයේ තාවකාලික පාලන කටයුතු මහෝධ්‍ය නුවර මාළිගය පවරා ගත් අතර සිව නගරයේ පාලන කටයුතු සිව කුමරුගේ බාල පුත්‍රයා වූ විසි හැවිරිදි භද්‍ර කුමරු හට පැවරුණි... නමුදු දසනාර පුරය පමණක් එසේ පවරාගෙන සිව නගරය අතහැරියේ කිමද කියා කිසිවකුත් දැන සිටියේ නැත...

"කුමරුණි..! කුමරුණී...!!"

දිනක්  නුවිධීෂයන් සුධිරාව හා පොකුණ අසළට වී සිටින විට නුවිධීෂයන්ගේ මිත්‍ර දාසයා ඔහු අමතමින් ඔහු හුන් තැනට කලබලයෙන් පැමිණියේය... මොහොතක් නැවතී හති ලමින්, හුස්මක් ගෙන නැවත හඬ අවධි කළේය...

"ඔවුන් පැමිණවා...! මෙහි පැමිණෙනවා...!! පවුරු ද්වාරය අසළයි දැන්...
විහාධ්‍ය කුමරු හා අරුණාධි කුමරිය...! පැමිණෙනවා...!!!"

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Onde histórias criam vida. Descubra agora