විහා_ධීෂ
අනුර මැදුරේ පටන් වෛශාල නදිය තෙක් වැටුණු අඩිපාරකි... මැදුරේ දාසයන් නදිය වෙත යාමට ලැහැබ මධ්‍යයෙන් පාදාගෙන තිබුණු වියළි තෘණ හා දුහුවිලි පිරුණු මගෙන් රාත්‍රියකදී පියවර හඬක් නැගුණේ කලාතුරකිනි... ඉදින් රැයක කවරෙකු හෝ ඒ මගෙහි සැරිසැරුවේ නම්, ඒ සූකරයන් හා ඉත්තෑවන් දඩයමට මදු තබන්නටය... නමුදු අද නම් එහි වෙනමම දඩයමකි...
මග දිගට වැටුණු කණාටු වූ වෘක්ෂයන්ගේ සෙවණැලි හා වියළුණු කුඩා තෘණ පඳුරු කලහයකය... ගලාහැලෙන සිසිල් රජත හැල්ලෙන් නැහැවෙන්නට ඒ කෲර අතුරිකිළි වාරණ දමා තිබුණි... ඉදින් එවන් දිනෙක එළිමහනකට වී නොහිඳ වල් වැදුණු අඩි පාරට රිංගාගත් උමතු වූවන් දෙදෙනෙක්ද විය...
රාත්‍රී භෝජනය මධ්‍යයේ මනිලා දේවිය විහාධ්‍ය වෙත ගෙන ආ යෝජනාවෙන් ගැලවීමට නොහැකිම තැන, ඔහු නුවිධීෂයන්වද ඇදගෙන පිටතට පැනගත්තේය... මග දිගටම විහාධ්‍යගේ නිමාවක් නොමැති දෝෂාරෝපණයට ලක්වන්නට අයෙකුට සිදු වී තිබුණි... ඉදින් සෑමවිටකම සේම මෙවරද සියල්ලේ මූලාරම්භය ඔහුය...
කවටකමට මෙන් මනිලා දේවිය ඉදිරිපිට පැවසූ දෙය, අවසන වෙනත් දේශයන්හි කුමාරිකාවන් සොයනා තැනටම දුරදිග ගොස් තිබුණි... නමුදු නුවිධීෂයන් නොවේ මදක් හෝ සැලුණේ... විහාධ්‍යගේ කෝපයද උපහාසයට කරුණක් කොටගෙන මග දිගටම සිනාසෙන්නට විය...
"අහෝ මුහුණ බලනුකෝ මොහුගේ..."
"සිනාසෙනු...!! තව සිනසෙනු...!!! නුඹ වන් අයෙක් නම් දැක නැහැ මා...!!!"
"එසේ විය යුතුයිනේ ඉදින්...! මා හට සම විය හැකි අයෙක් හිඳියිද...? ඉන්ද්‍රයාගේ වජ්‍රයනේ මා...!"
"සැබෑද...?? එනිසා වන්නට ඇති මෑණියන් හා එක්ව කුමරියන් සොයන්නේ...??? ඉන්ද්‍රයාගේ වජ්‍රයනේ...???"
"ඔය ඉදින්... බලනු නුඹ වන් අයෙකුට කිසිවකු ප්‍රිය වේද කියා...? සැබැවින්ම විහාධ්‍ය ඔය වල්ගය නිවෙන්නේම නැතිද...?? කුමන මොහොතක දුටුවාත් ඇවිළිලා...!!! මා හා මෑණියන් කෙතරම් වෙහෙසවූවද... ආහ්හ්හ්හ්හ්... හිඳිනුකෝ..."
විහාධ්‍ය කුමරු, නුවිධීෂයන්ව පසෙකට ඇද දමා තනිවම නදිය දෙසට යන්නට වූයේය... එවර නම් තමා සිදුකළේ එතරම් යහපත් යමක් නොවන බැව් මදින් මද වැටහෙන්නට ගෙන තිබුණි... ඉදින් ඔහුට මදක් තනිව හිඳින්නට හැර පියවර කිහිපයක් පරතරය තබාගෙන පසු වූයේය...
YOU ARE READING
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
Historical Fictionවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.