විහාධීෂ 5

1.2K 262 37
                                    


විහා_ධීෂ

සුපුරුදු පරිදි සත් දිනක් ගෙවී ගියේය... ඉකුත් කාලය තුළ උදෑසන කිරි බඳුන ලබා දීම, එය රැගෙන යාම, උදෑසන දහවල් රාත්‍රී ආහාර ගැනීමට ඔහුට ආරාධනා කිරීම, සවස තේ පැන් ලබා දීම, කුටිය පිරිසිදු කිරීම, අසු සූදානම් කර රැගෙන ඒම යනාදී සියලු කටයුතු සඳහා වරින්වර විහාධ්‍ය කුමරු හමුවීමට හේෂව හට සිදුවුවද අත්‍යවශ්‍ය කරුණකදී විනා අන් කිසිදු විටෙක මුවින් වදනක් හෝ පිට නොකිරීමටත් එක එල්ලේ ඒ දෑස් දෙස නොබැලීමටත් ඔහු ප්‍රවේශම් විය...

එසේම එම කාර්‍යයන් නිසා මැදුරේ රෙදි පෙරෙදි සේදීමේ කටයුතු දාසියන් දෙදෙනෙකුට භාරදුන් අතර හේෂව එයින් නිදහස් විය...

විහාධ්‍ය කුමරුගේ දැඩි ස්වරය මදක් හෝ අඩු නොවූවද ඔහු තමාගේ දිවි තොර කිරීමට ඇති අදහස සිතින් අත්හැර ඇතිවග නම් හේෂවහට වටහා ගන්නට හැකිවිය...

එසේම සුධිරාවද අවුරුදු දොළසකට පසු හමුවූ සිය අයියණ්ඩිය සමග කාර්‍යබහුල වූ බැවින් හේෂව හට ඇගේ අක්ෂර ශාස්ත්‍රය උගැන්වීමෙන් ගැලවී සිටීමට හැකි විය... විහාධ්‍ය කුමරු, සුධිරා දේවී සමග කුලුපඟ වුවද අනුර කුමරු හා මනිලා දේවිය සමඟ කතා කළ අවස්ථා ගණනද අතෙහි ඇඟිලි ගනනටත් වඩා අඩු විය...

කෙසේ වුවත් තමා විහාධ්‍ය කුමරු හා විරසක වූ දා සිය දුශාලාව මාර්ගයෙන් සුධිරා දේවී විසින් හේෂව වෙත රාත්‍රියට එවූ ආහාර පාර්සලය, එදින සිට සෑමදිනකම නොවැරදීම ලැබුණි... එහි ආහාර මුලට අමතරව රසකැවිලි වර්ගයක්ද අනිවාර්යයෙන් තිබුණි... මැදුරේ දාසයන්ට එවන් ආහාර ලැබෙන්නේ නැත... ඒවා පිසින්නේ කුමර මැදුරේ සාමාජිකයන් හටයි... එය එසේ තිබියදීත් සුධිරාව තමාට මෙලෙස සැලකීම ඇය කෙරෙහි තිබෙන ගරුත්වය හේෂව තුළ තවත් වැඩිවිය...

"හේෂව...!! නුඹට විහාධ්‍ය කුමරු පැමිණෙන්න කියා පැවසූවා..."

"එසේයි..."

හේෂව වහා විහාධ්‍ය කුමරුගේ කුටිය වෙත දිව ගියේය... ද්වාරය හැරගෙන ගොස් කුටිය මධ්‍යයේ නතරවන්නට තරම් බොහෝ දේ වෙනස් වී තිබුණි... නමුදු හේෂවට නොවේ එබවක් හැඟුණේ...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now