විහාධීෂ 42

659 130 54
                                    

විහා_ධීෂ

"පියාණනී...! ඔබ දන්නවාද රාජ්‍ය මුද්‍රාව පිළිබඳව...?? කවරෙක්ද එය නිර්මාණය කළේ...? එසේම කුමන කාලයේද...?? චන්ද්‍ර උද්‍යානයේ සැඟවුණු මාළිගයේද එයට සමාන කැටයම් තිබෙන්නේ කිමද...?? කුමක්ද සම්බන්ධය...??"

නුවිධීෂ මොහොතකට නැවතී හුස්මක් ගත්තේය... රාත්‍රී භෝජන ගෙන අවසන් වී විහාධ්‍ය කුමරු හා අනෙක් සියල්ලෝම පිටවී ගිය පසු දහවල සිට සිතෙහි වූ පැනය සිය පියාණන් හට ඉදිරිපත් කළේය... විහාධ්‍ය කුමරුන් පැවසූ විස්තරයට වඩා එකදු කරුණක් හෝ ඔහු වැඩියෙන් දන්නවා ඇතැයි ඔහුට හැඟුනි...

කෙසේ වුවද පියාණන් හා තනිව පිළිසඳරේ යෙදීමට ඔහුට බොහෝ කලකින් මගහැරී තිබුණි... ඉදින් ඉඩක් ලද වහාම ශාක්‍රස කුමරුන්වද ඇදගෙන එළිමහනේ වූ ශිලාමය පොකුණ වෙත ගොස් හිඳගත්තේය...

"එතරම් ගැටලු තිබේද නුඹට...??"

ශාක්‍රස කුමරු මදකට නැවතී සුසුමක් හෙලුවේය...

"එය පිළිබඳ දන්නා දේ ඉතා සීමිතයි පුතනුවණි...! බොහෝ කලකට ඉහත තොරතුරු මූලාශ්‍ර වලින් වැඩි ප්‍රමාණයක් ගින්නෙන් දැවී විනාශ වී ගියා... නුඹ දැනුවත් නේ එය...? ඉතිරි වී තිබුණේ ඉතා අතළොස්සයි... එයිනුත් බොහෝමයක් සොරකම් කළා... ඇතමෙක් එසේ කළේ පුස්තක කම්බවල ඔබ්බවා තිබූ මුතු මැණික් නිසාවෙන්... එසේම ඇතැමෙක් සැඟවී තිබෙන මිල කළ නොහැකි චන්ද්‍ර පාෂාණයක් සෙවීමට කියා...!"

"චන්ද්‍ර පාෂාණයක්...? මිල කළ නොහැකි...?? නොවැටහේ මා හට...!! එයට වඩා අගනා බොහෝ දේ තිබේනේ...??"

"සත්‍යක්...! කිසිවකු එහි සත්‍ය අසත්‍යතාව සෙවීමට උත්සුක වූයේ නැහැ... පරම්පරා ගණනාවක් පුරාවට පැවත එන පුරාවෘත්තයක් අසත්‍ය සේ සලකා ඉවතලීමට ඔවුන් පසුබට වන්නට ඇති...!! නමුදු අදටත්... එය සොයාගැනීමට කිසිවකුත් සමත් වී නැහැ...!"

"මා නොදන්නා කෙතරම් දේ තිබේද පියාණනී...? තව කෙතරම් නම් තිබිය හැකිද...?? කෙසේ අසා තිබෙන්නද ඉදින්...? දාසයන් අතර පැතිරෙන්නේ කවරෙකුගේ හෝ ඕපාදූපයක් හැරෙන්නට මෙවන් දෑ නොවේනේ...!!"

නුවිධීෂයන් සැබැවින්ම කනස්සල්ලෙනි... ඔහුගේ ජීවිතයෙන් වසර දහ හතක් ඔහුට අහිමි වී හමාරයි... කුල කුමරුවෙකු හට අත්දැකීමට හා අත්විඳීමට ලැබෙනා බොහෝදේ ඔහුට ලැබී නොමැත...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now