විහාධීෂ 53

474 114 36
                                    

විහා_ධීෂ

දැන් එසේ නම් මාළිගයේ උද්‍යානයේම සංග්‍රාමයක් ඇරඹෙන්නට කාලය විත් තිබේ... ඔවුන් සිතූ පරිදිම මිලෝථ සේනාධිපති මාළිගයට පහර දීමට සැලසුම් කොට තිබේ... ඇත් හා අස් සේනා භාරව හිඳින අනු සේනාධිපතිවරුන් කවරෙක්ගේ පසද කියා තවම දන්නේ නැත... එසේම අරුණාධි පෙනෙන්නට නොවීම එතරම් ශුභ නොවන බැව් හැඟෙන්නට විය...

.............................................

මහෝධ්‍ය නුවර රජ මාළිගයේ උද්‍යානය තවමත් බොහෝ නිසොල්මන්ය... රෑ මැදියම අසළ වූ තුරු පතකට වැටෙන පිනි බිඳුවක්, ඉන් ගිලිහී තවත් පතකට වැටෙන හඬ හැරෙන්නට පිය ගැටෙන හඬකින් හෝ එහි වූ නිහඬ බව බිඳ දමන්නට කිසිවකු හට සිත් නොවූ සේයි... මහා සංග්‍රාමයක් සිදුවීමට හෝරා කිහිපයක් තිබියදී එහි වූ සන්සුන් බව අදහාගත නොහැකි තරම් විය... රාජකීය උද්‍යානය සඳ රැසින් මෙන්ම බඹයෙන් බඹයට ප්‍රාකාරයේ ගසා තිබෙන පන්දම් වලිනුත් පලින් පල දල්වා තිබූ ශෛලමය පහන් නිසාවෙනුත් ආලෝකවත් වී තිබුණි... මාළිගයෙන් පිටතට මුහුණලා හිඳින ඇත් හා අස් සේනා වලත්, දෙහෝරාවකට පමණ පෙර ප්‍රාකාරය මතටත්, මාළිගයේ කුළු මුදුන් මතටත් නැගගත් දුනු වායන්ගේත්, එසේම මාළිගයට ආසන්නව පවුර දෙසට මුහුණලා පෙළ ගැසුනාවූ සේනාවේත් කිසිදු කලබලයක් පෙනෙන්නට නොවුණි...

ප්‍රාසාදයේ උස්ම කුළුණේ වූ කෙසර ධජය තවමත් පෙර පරිදිම ළෙලෙමින් තිබුණි... ඉදින් මිලෝථ විසින් ඉවත් වීමට සංඥාවක් කර ඇත්දැයි කියා දැනගැනීමට දැනටමත් වරින් වර ඇතැමුන් හිස හරවා පසුපස බලනවා විය හැක... නමුදු කිසිවෙකුගේ හස්ත චලනයක් හෝ දැකීමට හැකි මානයක නොවේ ඔවුන් හිඳිනුයේ...

වට සැතපුම් ගණනාවක විශාලත්වයෙන් යුතු මහෝධ්‍ය නුවර, ප්‍රාකාරය අසළ හිඳිනා අඟුටුමිටි පිළිරූ ලෙස පෙනෙන සේනාවෙහි හැසිරීම ඔවුන් කෙසේ කියා නිරීක්ෂණය කරන්නද..?

"තව අඩ හෝරාවක් පමණයි...!!"

මාළිගය මුදුණේ වූ කෙසර ධජයත්, සිව නගරයට විවර වන පවුරු ද්වාරයත් ඈතින් පෙනෙන මානයේ වූ විසල් නා වෘක්ෂයකට මුවා වී හුන් සිව් දෙනා රහස් සාකච්ඡාවකය... කිසිවකු පෙනෙන්නට  නොවුණද, කවරෙක්ද දනුයේ ඔවුන් සේනාව දෙස බලා හිඳින්නා සේම තවකෙකු ඔවුන් දෙස බලා හිඳිනවාද කියා...?? ඇරත් සතුරන්ගේ පස හිඳිනා දෙදෙනක්ගේම කිසිදු තොරතුරක් නොවූ කල...!!!

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now