විහාධීෂ 22

1K 217 51
                                    


විහා_ධීෂ

පසුදින උදෑසන නුවිධීෂයන් දෑස් හරින විටත් ඔහු හැරෙන්නට කුටිය තුළ කිසිවකු නොවේ වූයේ... කවුලුව හරහා කුටියට වැටී තිබූ සූර්‍ය් රශ්මි කදම්භයේද වෙනදා නොමැති සුන්දරත්වයක් ඔහු දුටුවේය... ස්වර්ණපැහැ සූර්‍යය කිරණයන් විත් පොරෝනාවෙන් නිරාවරණය වී ඇති ඔහුගේ නග්න උඩුකය නහවන්නට විය... තරමක් දැණුනු උණුහුම නිසාවෙන් ඔහුගේ කාලවර්ණ කෙටි හිසකේ අතුරින් නළල් තලයද සිපගෙන පැමිණි ඩාබිඳුවක් සවන පිටුපසට වැදී සැඟවී ගියේය... ඒ කාලවර්ණ දිගු වූ දෙනෙතේ කිසිදාක නොවූ දීප්තිමත් බවකි... සැනසීමකි... තෘප්තිමත් බවකි... දෙකොපුල් යන්තමින් දෙපසට ඇදී ගොස් ළා රත් පැහැ දෙතොළතර ඇඳුණු මදහසකි...

ඉදින් එය සැනසීමක් නොවන්නේද..?? කුඩා කලම තමාට අහිමි වූ පියාණන් හා සොයුරා නැවත හිමිවීම... දෑස් මානයේ නැතත් ප්‍රාණසමව තමා හට සෙනෙහස දැක්වූ මවකගේ පුත්‍රයෙකු වීම... මුලු ලොවම පසු කර පැමිණියද තමා අසළ පමණක් නැවත ගිමන් හරින්නාවූ අයෙකු තමා සමග වීම... එයටත් වඩා සැනසීමක් කොයින්ද...??

විහාධ්‍ය කුමරු තමාව ළය මතට ගෙන තමා නොදත් බොහෝ දේ පැවසූ අයුරු ඔහුට සිහි විය... ඔහු පැවසූ පරිදි නම් තමා කවරෙක්ද යන වග තම පියාණන්, අයියණ්ඩිය හා ඔහු දැනගෙන තිබෙනුයේ මින් තුන්මසකට පෙර සිටය... නමුදු එසේ දැනගත්තේ කෙසේද යන්න පමණක් ඔහු නොපවසයි... එය විමසන සෑම විටකම ඔහුගේ මුවඟ ඇඳෙන්නේ ජයග්‍රාහී සිනහවක් වග නුවිධීෂයන් හට මතකය...

පෙරදා රැයෙහි සිය දෑතින් ගිලිහී පොළොව මත පතිත වූ වජ්‍ර අසිපත දැන් සයනය මතය... ඔහු අසිපත ගෙන එය තමාට ඉහළින් අල්වාගෙන සෙමින් පිටතට ඇද්දේය... මුහුණ පෙනෙන කැඩපතක් තරම් එය ඔප දමා තිබේ... තමා හැර කිසිවකු නොදන්නා රහසක් සඟවාගෙන සිටින්නාවූ අසිපත දෙස තියුණු බැල්මක් හෙලා ක්ෂණිකව එය කොපුව තුළට දැමුවේය... කවුලුවට පිටතින් පෙනෙන විසල් නුග වෘක්ෂය දෙස බලාගෙන සිටි පමාවෙන් එහිම නිමග්නව කල්පනා කරන්නට තරම් නොවිසඳුණු ගැටලු ඔහුට තිබේ... නමුදු අනාගතයේ කුමක් සිදුවුවද මින් ඉදිරියට ගෙවෙන්නාවූ සෑම මොහොතක්ම හැකි තරම් සැහැල්ලුවෙන් හා සැනසීමෙන් යුතුව ගෙවීමට ඔහු ඉටා ගත්තේය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now