විහාධීෂ 17

1.1K 231 42
                                    

විහා_ධීෂ

"නුඹට තවමත් නොහැඟේද මා..??"

"ක්.. ක්.කුමක්ද ඔහු අසනුයේ...?"

.

.

.

.

දින ගණනාවක් තිස්සේ තමා නිද්‍රාවක සිටිවග හේෂව නම් නොදනී... අවධි වන විට දැණුන තදබල හිසේ වේදනාව කුමක්ද කියා හෝ එක්වරම ඔහුට කල්පනා නොවුණි... දෑස් හැරගන්නට නොහැකි තරමට ඇසිපිය එකට ඇලී තිබෙන්නාක් සේ ඔහුට දැණුනි... කෙසේ හෝ දෑස් විවර කර ගත් නමුදු කුටිය පුරා තිබූ පහන් ආලෝකයට දෑස් හුරුකර ගැනීමටද පහසු නොවුණි... කුටිය සිසාරා දෙනෙත් යැවූවද හිඳිනා තැන පිළිබඳව අවබෝධයක් නොවුණි...

අවසන ඔහුගේ දෑස් ඉදිරියේ මැවුනේ, ඔහුව සැනසීමට සමත් එකම දසුනයි... ඔහු නිරතුරුවම දකින්නට බලාපොරොත්තු වූ දසුනයි...

සිදුවූ කිසිවක් සිහිකරගැනීමට ඔහුට ඇවැසි නොවුණි... අරුත් විරහිත දෑ නිසාවෙන් නිකරුණේ වෙහෙස වන්නට සවියක්ද නොවුණි... ඉදින් ඒ කිසිවක් ඔහුට වැදගත් නොවුණි... මන්ද යත් ඔහු අවසන් වර දෑස් පියන්නට මොහොතකට පෙර ළය ගැඹුරින්ම දැණුනු හැඟීම අන් සියල්ල පරයා ඉදිරියට අවුත් තිබුණි... තමා සිටින්නේ කෙතරම් අපහසුවෙන් වුවත් තමා ඉදිරියේ සිටගෙන සිටින රුව ඒ සියලු වේදනාවන් වලට සැනසීමක් ගෙනෙන බැව් හැඟෙන්නට ගෙන තිබුණි...

"ක්..කුම...රුනි...,"

හිතේ සවිය කෙතරම් දැණුනද, දෙතොල් සොලවා ගැනීමට හෝ ගතට සවියක් නොමැති සේයි... ඉදින් කෙසේද ඔහු සිත් සේ කිසිවක් පවසන්නේ...? විහාධ්‍ය කුමරු කලබලයෙන් දිය බඳුනක් ගෙන ඉන් සුරත තෙමාගනු දුටුවේය... හේෂවද වූයේ පිපාසයෙනි... ඔහුට දැනෙන්නට වූ පිපාසයට දිය බඳුන් සියයක් වුවද එකවර හිස්කළ හැකි විය... නමුදු විහාධ්‍ය කුමරුන්ට නම් එකදු දිය බඳුනක් හෝ තමාට දීමට අදහසක් නොවන හැඩයි...

"කිමද ඔහු මෙතරම් දරුණු...??"

විහාධ්‍ය කුමරු එක්වරම තමා අසළින් හිඳගනු හේෂව හට දැණුනි... එක්වරම ඔහු තමා හා ඔහු අතර ඇති හිඩස අවම කරලමින් තමා මතට නැඹුරු වූයේ කිමද කියා  හෝ වටහා ගැනීමට ඔහුට කාලයක් නොවීය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Donde viven las historias. Descúbrelo ahora