විහාධීෂ 31

794 154 40
                                    

විහා_ධීෂ

සත් දිනකට පසු...,

ගතවූ සත් දින තුළ බොහෝ දෙනා කැලඹවීමට සමත් වූ පුවත් කිහිපයක්ම චතුර් නගර සිසාරා පැතිරී තිබුණි... අනුර මැදුරේ සුධිරාව නොමැති බැව් අනුර කුමරුන් හට දැනගැනීමට ලැබී තිබුණේද එම සිදුවීමට පසු දිනයි... එදින ඔහු මැදුරේ නොසිට කොහි ගියාදැයි දනුයේ කිහිප දෙනෙකු පමණි... මනිලා දේවිය රහස සඟවාගෙන සිටියද, කෙසේ හෝ පුවත පිටතට පැමිණි වහාම ඈ මැදුරේ නොමති වග හී ගහක වේගයෙන් මහෝධ්‍ය නුවර රජ මාළිගය තෙක්ද පැතිර යන්නට විය...

ඒ වන විටත් එහි වූ සිව හා දසනාර කුමරුවන් වජ්‍ර අසිපතේ සිදුවීම නිසාවෙන් අනුර කුමරු හා විරසකව සිටි බැවින් තොරතුර ලද බොහෝ සේ කුපිත වුණු සක්ශිල කුමරු වැඩි කාලයක් ගෙවීමට මත්තෙන් විත් නතරවූයේ අනුර මැදුරේ ද්වාරය අසළයි... සුධිරාව තමා හට ලබා නොදී සැඟවීම සම්බන්ධයෙන් අනුර කුමරු හා වූ වෛරය තවත් දළු ලා තිබූ වග ඔහුගේ විලාසය දුටු අයෙකුට පැහැදිලිවම වටහාගත හැකි විය... නමුදු ඔහු එහි පැමිණෙන විටත් එහි අනුර කුමරු නොවූ නිසාවෙන් පැමිණි අයුරින්ම නැවත මාළිගයට පිටවන්නට ඔහුට සිදුවිය...

එසේම සුනීද්ව රජුගේ අනුප්‍රාප්තිකයා ලෙස සක්ශිල කුමරුන්ව ඔහු ලවා ජනයා වෙත ප්‍රකාශ කරගැනීමට සිව හා දසනාර කෙතරම් ප්‍රයත්න යෙදූවද, ඔහුගේ සිත වෙනස් කිරීමට ඒ කිසිවකට හැකි නොවුණි... මාළිගයේම වූ බිම් කුටියක රඳවාගෙන දැඩි සේ ශාරීරික වදහිංසා පැමිණවුවද ඔහුගේ රාජ තේජසත්, ප්‍රතිපත්ති ගරුක බව හා ස්ථිරසාර බවත් මදකින් හෝ අඩු වී නොතිබුණි... ඉදින් එසේ වද හිංසා ලබා දී ඔහුව නම්වා ගැනීමට නොහැකි වග වැටහුණු කල්හි දෙවන සැලසුම ලෙස හිඳිනා ස්ථානයක් පිළිබඳ තවමත් කිසිදු තොරතුරක් නොමැති ඔහුගේ දියණියන් සොයා ගැනීමට ඔවුහු තීරණය කළහ...

ඒ අතරතුර මළිගයට සිදුවූ හදිසි පහරදීම නිසාවෙන් අනුර, සිව හා දසනාර යන නගර තුනෙහිම වූ වැසියන්ගේ වූ කලහකාරී ස්වභාවය මෙන්ම ඒ සමගම ඇතිවූ අභ්‍යන්තර කැරලි ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට වුවත් ශාක්‍රස පුරයේ එවන් කිසිදු වෙනසක් නොමතිව පෙර වූ සේම සාමකාමී අයුරින් පැවතෙනුයේ කෙසේද කියා කිසිවකුත් දැන සිටියේ නැත...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now