විහාධීෂ 51

537 114 57
                                    

විහා_ධීෂ

සුනීද්ව රජුගේ ජන්ම දින සැමරුම... නොඑසේ නම් ප්‍රිය සම්භාෂණයක් මුවාවෙන් පිටතට පෙන්වූ ගෘගාල උගුල... කිහිප දිනකට පෙර සැලසුම් කළ පරිදිම මාළිගයේ අටවා තිබිණ... මුලු මිහිලාද්වීපයේම කුලවතුන්, ප්‍රභූවරුන්,  රාජ සභාවේ අමාත්‍යවරුන් ඇතුළු සියලුම සභිකයන් හා ඉහළ නිලතල දැරූවන් සියල්ලක්ම ආරාධිත සම්භාවනීය පිරිස අතර වූහ... ‍

නා නා වර්ණ ධජ ප්‍රාකාරය මත්තෙහිත්, සය මහල් ප්‍රාසාදය පුරාවටත් ළෙලෙද්දී,  රත් පැහැ තඹර කැකුළින් ගැවසීගත් රත්‍රං පුන් කුඹු සමූහයා මාළිගයේ ප්‍රධාන ද්වාරය වෙත දිවෙන වාලුකා හා කුඩා තිරිවානා ඇතිරූ මාර්ගය දෙපස සරසමින් ප්‍රාසාදයෙහි වන සම්භාෂණයේ විචිත්‍රත්වය, සියල්ලට පූර්වව  විදහා දක්වන්නට විය.. මාළිගයේ රාජකීය උද්‍යානයේ චතුර් දිශාවෙන්ම ඇත් හා අස් සේනා ඒවායෙහි සේනාධිපති වරුන් විසින් ප්‍රාසාදයෙන් පිටතට මුහුණලා රඳවා තිබූ අතර, එය මහෝධ්‍ය නුවරට නැවත ප්‍රහාරයක් එල්ලකිරීමට දෙවරක් නොව කිහිපවරක්ම සිතා බලන ලෙසට, එසේ මග බලන්නන් වෙතට රජු විසින් කෙරූ අනතුරු ඇඟවීමක් මෙන් විය...

ඉදින් මෙහි හිඳිනා සේනාවෙන් කෙතරම් ප්‍රමාණයක් රජුට පක්ෂපාතියිද කියා අද තහවුරු කරගත හැක... සම්භාෂණය නිමාවන විට මින් කිසිවකු මාළිගයෙන් පිටතට විනා, මාළිගය දෙසට මුහුණලා සිටිය නොහැක... ඉදින් අද පොළොවේ තිබූ දුහුවිලි වැඩි ප්‍රමාණයක් අතුගෑවී යනු ඇත...

ප්‍රාකාරයේ ප්‍රධාන ද්වාරයෙන් විහාධ්‍ය කුමරු සමගින් නුවිධීෂයන් ඇතුළු විය... ඔහු තිරිවානා ඇතිරූ මගෙහි මගක් ගමන් කොට නැවතී කාලවර්ණ සෛන්ධවයා මතින් නොබැසම ප්‍රාසාදය වෙත නෙත් රඳවා සිටින්නට වූයේය... සුනීද්ව රජු හැරෙන්නට අද එහි සම්භාෂණයට මුවාවෙන් සිදුකෙරෙන සැලසුම දනුයේ ඔවුන් දෙදෙනාත්, භද්‍රත් නවීශ්ධත් පමණි... වෝහීෂ්‍ය හිඳිනුයේ එතරම් යහපත් තත්වයක නොවන නිසා ඔහුව සැලසුමින් ඉවත්කොට තැබුණි... මන්ද යත් කුඩා හෝ අතපසුවීමක් සිදුවුවහොත් රජු ඇතුළු තමන් සියලුදෙනාගේම දිවි අවධානමේ බැව් දන්නා නිසාවෙනි...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now