විහාධීෂ 44

570 137 112
                                    

විහා_ධීෂ

සිය නැන්දණියගේ ප්‍රතිකාර අවසන් වූ පසු නුවිධීෂට හට මොහොතකට සැතපෙන්නට ඉඩක් ලැබුණි... ගතේ වේදනාවට මෙන් නොවේ, සිතේ වේදනාවට දෑස් තෙමෙන විට වැට කඩුලු බැඳ වාරණ දැමීමට නොහැක... හෝරා කිපයකට පෙර සිදුවූ සිදුවීම් එක පෙළට ඔහු ඉදිරියේ මැවෙද්දී, සිත නැවත නැවතත් බිඳීගිය වාර ගණන බොහෝය... විහාධ්‍ය නම් අවස්ථාවාදී පුද්ගලයා සිය මනසින් ඉවත් කිරීමට අසාර්ථක අරගලයක නිරත ව සිටියදී, ඔහුට නොදැනීම දෑස් පියවී තිබුණි...

අඩහෝරාවක් හෝ සැනසීමෙන් සැතපුණාදැයි ඔහු නොදනී... සිහිනයෙන් මෙන් දැණුනු පුරුදු උණුහුමක් සමග එක්වරම තම ළය හරහා වැටුණු  හස්තයක බර දැනී ඔහු අපහසුවෙන් දෑස් විවර කළේය... ඉදින් අන් කවරෙක්ද...?? විහාධ්‍යව තම කුටියට නොඑවන ලෙසට නැන්දණිය හට නොපැවසූයේ ඔහු නැවත එහි නොපැමිණේ යැයි සිතාය... නමුදු නොසිතූ දෙයම සිදුවී තිබේ... අයෙකුට මෙතරම් නිර්ලජ්ජිත විය හැකිද...???

කිසිවක් සිදුනොවූ අයුරින් විහාධ්‍ය කුමරු විත් නුවිධීෂයන් අසළින්ම සැතපී හිඳියි... තම කොපුලක් මතට ඔහුගේ දෙතොල් තෙරපී ඇති බැව් හොඳින්ම දැනේ... තම ළය මතින් හස්තයක්ද දමාගෙන තම උණුහුමට වී සුවසේ හිඳියි...මනුෂ්‍යයෙකු හට මෙතරම් ඉක්මනින් මුහුණු වෙනස් කළ හැකිද...??? කවරෙක්ද මොහු...?? ගතට දැනෙන වේදනාවද පරයමින්, ඔහුගේ සිත තුළ විහාධ්‍ය කුමරුන් හා විසල් කෝපයක් නැගී එන්නට විය...

"සත්‍ය තමා වෝහීෂ්‍ය පවසනුයේ...! අං කටුස්සා...!!!"

තම ළය මත වූ ඔහුගේ හස්තය වැරෙන් ගසා දමා නැගී සිටීමට උත්සාහ කළේය... දෛවය කවදත් විහාධ්‍ය කුමරුගේ පසය... ඔහුට නැගී සිටීමට තබා සෙලවීමට වත් නොහැක... විහාධ්‍ය කුමරු දෑස් හැර කලබලයෙන් මෙන් සයනය මත හිඳගෙන නුවිධීෂයන්ගේ සුරතින් අල්වාගත්තේය... ඔහුගේ අනෙක් හස්තය නුවිධීෂගේ ඉණ මත වූ වෙළුම මතට ගොස් නැවතුණි...

"කිමද මේ...?? හිඳිනු එක් අයුරකින්...!! වේදනාව වැඩි වේවි...!!" වෙළුම මතින් මෘදුව පිරිමදිමින් තරමක් තදින් තරවටු කරමින් මෙන් පැවසුවේය... ඔහුට නම් ඔහු ඉදිරියේ ඇති කෝපාන්විත දෑස් නොපෙනෙන සේයි... සිය ඉණ මත වූ හස්තය විත් දැන් තම හිස මතය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now