විහාධීෂ 82 - අවසානය

1.6K 142 103
                                    

විහා_ධීෂ

ඒ සුනීද්ව රජුගේ පාලන කාලයේ අට සාලිස් වන වසරයි... පහසුවෙන්ම මැඬපැවැත්වුණු සුළු සුළු අභ්‍යන්තර අර්බුද කිහිපයක් හැරෙන්නට ඉකුත් තෙවිසි වසර පුරාවටම මිහිලාද්වීපයේ සාමකාමී වාතාවරණය බිඳනොවැටුණු තරම්ය... කෙසේවෙතත් මහෝධ්‍ය නුවර කේන්ද්‍ර කරගෙන පාලන කටයුතු මෙහෙයවද්දී, ප්‍රාන්ත වශයෙන් වැසියන් හට සිදුවුණු කෙණෙහිලිකම් නැවතුණු නිසාවෙන් වැසියන්ගේ නොමඳ සහායද රජුට හිමි වී තිබුණි...

ඉදින් එවන් පසුබිමක, කාෂ්ටක අනුර නගරය අතිරික්ත ධාන්‍ය සිව නගරයට පවා අලෙවි කළ හැකි තරමටම අස්වද්දා තිබුණි... වෛශාල නදිය හරස් කොට ඉදිකළ මහා වාරිමාර්ග පද්ධතියකින් වැසියන්ගේ බොහෝ ගැටළු විසඳා දී තිබුණි...

භද්‍රගේ නොමඳ වෙහෙස හා කැපකිරීම නිසාවෙන් දේශ, දේශාන්තර වෙළඳ කටයුතුද පුළුල් වී, ඒවායේදී ප්‍රමුඛත්වයක් ගැනීමට ඔවුන්ට හැකිවී තිබුණි... ප්‍රභූවරුන් සමඟම ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයත් මහෝධ්‍ය නුවරට ගෙන, නුවර සැලැස්ම සම්පූර්ණයෙන්ම වෙනස් කළද, ඉන් ඇතිවූ ප්‍රතිලාභ අතිමහත්ය...

ඉදින් මේ සියල්ල තෙවිසි වසරකට පෙරාතුව මියගිය සුනීද්ව රජුගේ අනුප්‍රාප්තිකයාගේ සැලසුම්ය... නුවිධීෂ කුමරුන් මියගොස් තිබුණද, ඒ නාමය ඇසුණු සැනෙන් අයෙකු ළය මත හස්තයක් තබාගන්නා තරමටම ඒ නාමය සියල්ලන්ගේම මනසට කාවැදී තිබුණි...

.

.

.

"විභෂ්ණා...!"

"විභෂ්ණා...!!"

"කොහිද නුඹ...???"

භද්‍ර මහා කලබලයෙනි... ඔහු මාලිගය පුරා එහා මෙහා දුවමින්, හිස් කුටි වල ද්වාර හරිමින් මොනවාදෝ සොයන්නට විය... විභෂ්ණාට නොපෙනෙන්නට සඟවාගෙන තිබුණු පැසුණු හිසකේ කිහිපයක්ද පිටතට අවුත් තිබුණේ ඔහුගේ සිහියේ තරම හඟවන්නට මෙනි... මන්ද යත් සිය භාර්‍යයාවට පැසුණු හිසකේ හා තිබෙනා බද්ධ වෛරයේ තරම ඔහු හොඳින්ම දන්නා නිසාවෙනි...

"භද්‍ර...!!!

"කිමද සිකනලෝ හඬතලන්නේ...?"

විභෂ්ණා ඔහු වෙතට අවුත් පැසුණු කෙස් ගස ගලවාගත්තේ, පිළිහුඩුවකු අවුත් තිත්තයෙකු අල්වාගන්නා පරිද්දෙනි... ඒ පිළිහුඩුවාටත් වඩා සංතෝෂයෙන් කෙස්ගස භද්‍රගේ මුහුණ ඉදිරියේ අල්වාගත් විභෂ්ණා සිනාසෙන්න්ට වූවාය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now