විහාධීෂ 70

475 102 62
                                    

විහා_ධීෂ

ශාක්‍රස මැදුරේ එක් පසෙකට වන්නට පිහිටා තිබුණු  බඹ දහයකටත් වඩා උස් වූ විසල් සියඹලා ගසකි... ඉදින් වඳ ගසක තනි මකන්නට කිසිවකු නොවුණා වුවද වසර ගණනාවකට පසු පල දරද්දී, ඒ අවාරය බැව් නොතකාම අතු මත ලැගුම් සොයන්නට බොහෝ දෙනෙක් අවුත් තිබුණි... නමුදු ඒ සියල්ලෝම එහි පැමිණියේ ඉදුණු සියඹලා නිසාම නොවේ... සිදුවන වෙනස්කම් දරාගෙන මැදුරේ හිඳීමට නොහැකිව, ගොම්මන් යාමයේ සියඹලා ගසට නැගගත් එක් සරණාගතයෙක්ද ඒ අතර විය...

වෙරි මතින් පහුරේ පහන් කළ රැයට පසුත්, විහාධ්‍ය නම් කටුස්සාගේ වැලඳගැනීම් හා මගහැරීම් එකට ගලපාගන්නට ඒ අසරණයාට හැකිවූයේ නැත... තමා හා කිසිදු අමනාපයක් නොමැති වග බොහෝ විශ්වාසයෙන් පැවසූවා වුවද, කවරාකාර ගනුදෙනුවක්ද එසේනම් මේ පියවන්නේ...?

නුවිධීෂයන් හුන්නේ සේරු නදියටත් වඩා ගැඹුරු කල්පනාවකය... සියඹලා ගසේ අත්තක් බදාගෙන යාර ගණනාවක් එපිටින් පෙනෙන මැදුරේ ද්වාරය දෙස නෙත් හෙලාගෙන සිතන්නට ඔහුට බොහෝ දේ තිබුණි...

ඉදින් විහාධ්‍ය කුමරු මෙසේ හැසිරෙන්නේ තමා ඔහුට අනුර මරාදැමීමට ඉඩ නොදුන් නිසා නම් නොවේ... මේ විකාරාකාර මානසික රෝගය ඔහුට වැළඳුනේ සිව මැදුරේදී සිටියදීයි... ඉදින් එහි යමක් වූවානම් ඒ භද්‍ර හා සිදුවූ දෙය පමණයි... නමුදු එය දන්නේ නම් මොහු මෙතරම් සන්සුන්ව හැසිරෙන්නේද නැත... භද්‍ර නිරුපද්‍රිතව ශාක්‍රස මැදුරෙන් පිටත්ව යන්නේද නැත...

ඉදින් කුමක්ද සිදුවූයේ...?? විහාධ්‍ය කුමරු කුමකටද මේ සැරසෙන්නේ...?

"අහෝ...! එකම දේ නිරතුරුවම දකින්නටත් මිනිසුන් අකමැතියිලු...!! එවන් කුමක් හෝ සිදුවීද..? ආහ්හ් නොවේනේ... එදින බීමත්ව මා වැළඳගෙන හැඬුවේ... විය නොහැකියි...!!! ආහ්හ්... හිස රිදෙනවා මාගේ..."

නුවිධීෂ කුමරු ඔහු හස්තයේ වූ ඉදුණු සියඹලා කරල පිටින්ම මුව තුළට දමාගත්තේය... විහාධ්‍ය කුමරුන්ව සපන්නාසේ සිතා එය ආවේගයෙන් සපන්නට වූයේය...

"අද විසඳාගන්නම්කෝ මා...!"

ඉදින් වැඩි වේලාවක් ගත නොවුණි... නුවිධීෂයන් බලාහිඳියදීම විහාධ්‍ය කුමරු කලබලයෙන් මෙන් ශාක්‍රස මැදුරෙන් පිටතට ආවේය... ඔහු කුමක් හෝ සොයනා සේයි... පියවර කිහිපයක් ඉදිරියට අවුත් හිස හරවමින් මුළු මාලකයම පිරික්සුවේය... සුවිහීෂ හා සුධිරා හිඳගෙන හුන් පොකුණ අසළට දිවගොස් කුමක්දෝ විමසුවේය... නැවත කලබලයෙන් නුග වෘක්ෂය වෙත දිව ගියේය... නැවත හැරී පොකුණ දෙසට දිව යන්නට වූයේය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]حيث تعيش القصص. اكتشف الآن