විහාධීෂ 69

437 105 46
                                    


විහා_ධීෂ

"එවර කිමද හිස්කබලක් පිරිමදින්නේ...??"

රෞද්‍ර කෙසරාගේ කෝපය පහවගොස් නැතත්, කෝපාන්විත ව්‍යාඝ්‍රයා ඔහුව පසෙකට ඇදදැමූ සැටියෙන් පියවි සිහියට පැමිණ ඇති සේයි...  නුවිධීෂයන්ගේ මුහුණේ හැඟීම් යම්තාක් දුරකට හෝ කියවාගන්නට හැකිවූ නිසාවෙන්දෝ ඔහුගේ දෑස්ද කුහුලින් පිරීයනු පෙන්නට විය... තරමක් එපිටින් අසුමත හිඳ ඔවුන් දෙස බලාහිඳින භද්‍ර පිළිබඳව නොතකාම අවුත් නුවිධීෂ කුමරු අසළ හිඳගෙන, වැටී තිබුණු පාෂාණයක් ගෙන ඒ මේ අත හරවා බලන්නට වූයේය... ඉදින් ඒ මුහුණ එතරම් බැරෑරුම් බවක් ගත්තේ පෙර සිදුවුණු දේ නොවුණා සේ හැසිරෙන්නට උත්සාහයක යෙදුණු නිසා නම් නොවේ...! පාෂාණ අහුලාගත් දොළපාර කුමක්ද යන්න නිගමනය කොට රජුට නොපැවසුවහොත් ඔහුට මරණීය දණ්ඩන හිමිවන්නට හැකියිනේ... එනිසායි...

"කිමද දැන්...? හඳුනනවාද මා...? සිහිවිකල් වීනේ හිඳියේ...??"

නුවිධීෂ කුමරු හිස ඔසවන්නට පමා වූයේ නැත... ඔහු, තම සුරතෙහි වූ හිස්කබල අතරින් පතර තෘණ වැවී තිබුණු වැලි පොළොවේ තබා විහාධ්‍යගේ හස්තයේ ඉහළ පහළ විසිවෙමින් හුන් පාෂාණය අල්වාගත්තේය...

"ඉන් පලක් නොවේනේ...? යමක් විමසූ විට පිළිවදන් දෙනු...!"

"මොහු බලනුකෝ...!!"

"මෙහි දෙනු...!!"

විහාධ්‍ය කුමරු හිස්කබල උදුරාගෙන හැම අතරටම හරවා බැලුවේය... නුවිධීෂයන් බලාහිඳියදීම විහාධ්‍යගේ මුහුණෙහි බොහෝ සංකීර්ණ හැඟීම් මෝදුවන්නට විය... ඔහු දෑස් සිහින් කොට හිස් කබල දෙස බලා ගැඹුරු සුසුමක් හෙළුවේය... නැහැයට පහළින් මතුව තිබූ දිය බිඳු වමතේ පිටි අල්ලෙන් පිසදාගත්තේය...

"මේ හිස් කබල...! මෙය තමා ඒ... ම්ම්ම්...! මෙය මත හස්තය තබාගත්විට මියගිය පුද්ගලයා වන්නට ඇති අනාවැකිය සවනට කර පැවසූයේ...!! එවිට කිමද දන්නේ නැහැ ඔහු මියෙන බැව් දැන නොගත්තේ...!!! හිසේ සිට දෙපතුල් දක්වාම කෛරාටික කමයි, තණ්හාවයි, මුලාවයි, අමනුෂ්‍යකමයි...!!! දැන් වත් මා මෑණියන් සැනසීමෙන් හිඳීවි...!!!"

විහාධ්‍යගේ ස්වරයෙහි සංතෝෂයක් පෙනෙන්නට නොවුණේ ඔහුට සිය අරමුණ ඉටුකරගැනීමට නොහැකි වූ නිසාම නොවේ...! සැබැවින්ම ඔහුට නොදැනුනා වුවත් ඔහුගේ යටි සිතෙහි යම් නම් නොදන්නා හැඟීමක් මෝදුවෙමින් පැවතුණි... ඉදින් ඔහු නොපිළිගත්තා වුවද, වෛරය මුල් කරගෙන සොයාගන්නා විසඳුම් වල ප්‍රතිඵලය කිසිවිටෙක සැනසීමක් ගෙනනොදෙනා බැව් ඔහුගේ යටිසිත වටහාගෙන තිබුණි...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin