විහාධීෂ 52

475 102 49
                                    

විහා_ධීෂ

සැලසුම් කළ පරිදි ප්‍රිය සම්භාෂණය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙමින් තිබුණි... සම්භාෂණ ශාලාව පිරී ඉතිරී යන තරම් ශුභ පත්තන්‍ ය... ඉස්තරම්ම වර්ගයේ මධුවිතින් හා ප්‍රණීත මසවුලු වලින් පමණක් නොව මන මෝහනය කරවන සුලු රූපකායෙන් හෙබි, අනඟ රඟුම් පා කාමය නම් සුඛය විඳීමටට ලොල් කරවන්නාවූ නාටිකාංගනාවන්ගෙන්ද එහි කිසිදු අඩුවක් නොවුණි... මධු මදිරා මතින් හොඳහැටි මත් වී හුන් රාජකීයයන්ගේ හැඟීම් අවුලුවමින්,ශාලාව මධ්‍යයට වී වාද්‍ය වෘන්ධය වයන සත්සරයට රඟදෙන්නට විය...

සැබැවින්ම එහි වූ කූට සැලසුම කිසිවකු හට කුහුලක් ඇති වී නොමැති සේයි... අයෙකු පැමිණි කුලවත් තරුණියක් සමග පසෙකට වී අල්ලාප සල්ලාපයේය... තවකෙකු නාටිකාංගනාවක් දෙස නෙත් යොමාගෙන සුර ලෝ සුව විඳින්නට තනමින් ය... කුලීන අඟනුන් සිය රූපකාය හා අගනා වස්ත්‍රාභරණ සියල්ලන්ටම සොරෙන් අන් අඟනුන් සමඟ සසඳමින්ය... රජු හා මහාමාත්‍යයාදීන් මධුවිත තොලගාමින් සුහද සාකච්ඡාවකය... රජු හුන් තැනට මදක් එපිටින් වූ ආසනයක හිඳගෙන හුන් නොහඳුනනා දෙදෙනෙක් අනෙකාට ඇසෙන සේ නාටිකාංගනාවන්ගේ රුව වනමින්ය...

ඉදින් ඔවුන් බලාපොරොත්තු වූ පරිදි මාළිගයෙහි වන උපද්‍රවකාරීම පිළිලයද සම්භාෂණයට පැමිණ තිබේ... ඉදින් එහි අඩුවකට වූයේ ඔහුගේ අවජාතක දියණිය පමණයි... නුවිධීෂයන් සිතුවේ නම් ඈ සැමටම පෙනෙන්නට පිටතට පැමිණේවි කියාය... නමුදු නැත... පියාණන් සිය දියණියව වළකා ඇති හැඩයි...

"එය නොවේ විහාධ්‍ය... කිමද අරුණාධි පෙනෙන්නට නැත්තේ...???"

මුව වසාගෙන ඉවසා හිඳිනු නොහැකිම තැන නුවිධීෂ සිය ස්වරය නැංවූයේය... විහාධ්‍ය කුමරු තමා හා අමනාප වී හිඳින බවක් ඔහුට අදාළම නැත...

"නුඹට කිමද...??"

"අමතකද ඇයත් සැලැස්මේ කොටසක් වග...???"

"මා දන්නේ නැහැ...! මා ඇගේ ස්වාමියා නොවේනේ...?"

"එය නම් සැබෑයි තමා...! අරුණාධි නම් ගැලවුණා... දැන් මා තමා...!!"

"නුඹ කුමක්ද...?? නුඹ ඉදින් ගැලවෙන්නට තබා බැඳුනේත් නැහැනේ...???"

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ