විහාධීෂ 65

460 100 83
                                    


විහා_ධීෂ

මහෝධ්‍ය නුවර අඳුරු සිරගෙය... නාමය ඇසීමෙන් පවා අයෙකු බියපත් වන තරමටම එය භයානකය... ඉදින් එහි දහවලක් රැයක් කියා වෙනසක් නැත... එහි වූවන් හිඳින්නේ ගතවන දින ගණන පවා නිශ්චයක් නොමැතිවයි... අඳුරු සිරගෙය යනු හුදෙක්ම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සිදුරන්නන් සඳහා දෙතිස් වධය දීමට වෙන්වූ මිහිපිට නිරයකි... ඉදින් ඒ බැව් සනාථ කරමින් විසල් ශෛලමය ද්වාරය හරිද්දීම වාගේ අන්ධකාර සිරගෙයින් පිටතට පැනගත් පුළුටු දුර්ගන්ධය පැමිණියවුන් පිළිගන්නට පෙරගමන් කරන්නට විය...

දැල්වෙන පන්දම් අතැතිව පෙරට ගිය හැඩිදැඩි ද්වාරාරක්ෂකයන් සිව්දෙනා පසුපසින් සුනීද්ව රජුත්, කුමරුවන් තිදෙනාත් මිලෝථ රඳවාහුන් සිරකුටිය වෙත යන්නට විය... එය බඹයක් තරම් පටු මඟකි... මග දෙපසම උස් ශෛලමය බිත්ති වලින් වෙන් වූ කුඩා සිරකුටි විය... පය තබන වාරයක් පාසා දෝංකාර දෙන්නට වූ හඬ නිසාවෙන් පැමිණෙනා පිරිස අට දෙනෙකුගෙන් සමන්විත වූවක් කියා අසාහිඳිනා අයෙකු විශ්වාස නොකරනු ඇත...

ඉදින් හිස්ව තිබූ සිරකුටි රාශියක් පසුකොට අවසානයේ ඝන ලෝහ කූරු ගසා ඉදිකොට තිබුණු සිර කුටියක් ඉදිරියේ සුනීද්ව රජු නැවතුණි... පිටත සිට බලනා කල එයද හිස් වූවක් සේ පෙනුනද, කුටිය තුළින් පිටතට ගලා අවුත් තිබූ අඳුරු පැහැයට හුරු දියරය තැවරුණු සිය පාවැසුම රජු පොළොවේ අතුල්ලා පිසදැමූ අයුරෙන්ම තමන් බලාපොරොත්තුවෙන් හිඳි ම්ලේච්ඡ පුද්ගලයා මෙහි හිඳිනා බැව් ඔවුන්ට වටහාගන්නට හැකි විය... රජු මදක් නැවතී අයෝමය ද්වාරය දෙස බලාසිටියේය... පුළුටු දුර්ගන්ධය මුසු වූ වාතයෙන්ම ළය පුරවා හුස්මක් ගත්තේය... ඔහුගේ අසිපත් මිට සිය හස්තයට සිර වී තිබූ අයුරෙන්ම, ආයාසයෙන් සිය කෝපය පාලනය කරගෙන හිඳිනා බැව් කිවහැකි විය...

"විවර කරනු...!!!"

රජුගේ විධානය එහි පුරාවටම දෝංකාර දෙන්නට වූ පමාවෙන්ම විසල් අයෝමය ද්වාරය මහ හඬක් නංවමින් විවර විය...

දෙබඹයක් තරම් දිග, පළල තිබූ ඒ සිරකුටියේ මුල්ලකට වන්නට උඩු බැලි අතට වැතිරී සිටි කෙසඟ අයෙකි... යන්තමින් යටිකය වැසෙන තරමට කුඩා රෙදිකඩක් ඔහුගේ ඉනේ රැඳී තිබුණි... නිරාවරණය වී තිබූ සිරුර පුරාම රුධිරය හරිහැටි නොවියළුණු තුවාල දහස් ගණනකි... ඔහුගේ දිගහැරුණු එක් හස්තයක් ශෛලමය බිත්තියට සවිකර තිබූ යදමකින් බැඳ තිබුණි... දෙපා සෙලවීමටත් නොහැකි වන පරිදි තවත් යදමකින් වෙළා තිබුණි...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Tempat cerita menjadi hidup. Temukan sekarang