විහාධීෂ 64

446 106 21
                                    

විහා_ධීෂ

වීථියේ අඳුරු මුල්ලක් හමුවන තුරුම, විහාධ්‍ය කුමරු කෝපයෙන්ම ඇදගෙන ආ නුවිධීෂයන්ව අතහැරියේ නැත... එහි සිටියවුන් ඔවුන් යන දෙස බලා අනේ අහෝ කියමින් යදින්නට වූ වාරයක්ම පාසාම විහාධ්‍ය හස්තයේ සිරවී තිබුණු නුවිධීෂයන්ගේ සුරත, ඒ අයෝමය හස්තයට තෙරෙපෙන්නට විය... මහල්ලා හුන් තැනට යාර කිහිපයක් ඔබ්බෙන් වසා දැමූ පාළු කඩපිළක් හමු වූ තැන නුවිධීෂයන්ව ඇදී ගොස් ඒ පිටුපස වූ විසල් සෙල් ටැඹකට තෙරපෙන්නට විය...

"ආආහ්හ්...! විහාධ්‍ය...!!!"

විහාධ්‍ය කුමරු නම් ඔහුගේ උරාස්ථීන් ගලවා දැමීමට සැරසෙන සේයි... ඈතින් වූ පන්දමක ආලෝකයෙන් යන්තමින් පෙනෙන ඒ සිහින්වී ඇති රෞද්‍ර දෑස්, ළං ළංව ඇසෙන ඒ දත්මිටි කන හඬ, වියරු වැටුණු මෘගයෙකු සේ හතිලන හඬ නුවිධීෂයන්ට සිය මෑණියන් සිහිකරවන්නට විය... ගුගුරන තරමට කෙසරා භයානක නොවන බැව් තරයේ සිහිතබාගෙන දෑස් තදින් වසාගත්තේය...

"අහෝ කවරෙක් හෝ මේ මුග්ධයාට වටහාදෙනු මෙතැන මගේ වරදක් නොමැති වග...!!! මා කීවේ එහි යමු කියා පමණයිනේ..."

"දැන් සුවයිද නුඹට...??? ආ...හ්..??? අනාවැකිය බොහෝ ශුභයිනේ...?"

කෝපය කෙතරම්ද යත්, විහාධ්‍යගේ හඬ පවා හරිහැටි පිටවන්නේ නැත... පිටවූ වදන් වලට වඩා හතිලූ වාර ගණන වැඩිවිය...

"ඔතරම් සිතන්නට දෙයක් නොවේනේ...!!! ඒ කොහිදෝ යන මහල්ලෙක්...! ආහ්හ්හ්... අතහරිනුකෝ...!!

"හා එසේද...??? දැන් ලැව් ගින්නක් සේ පැතිරේවි... විහාධ්‍ය කුමරු හා නුවිධීෂ කුමරු නුදුරේදීම...."

"කටකතානේ... කවරෙක්ද පිළිගන්නේ...??" හදිසියේම කුමක් හෝ සිහිපත් වූ සේ නුවිධීෂයන් නැවතුණි... "මදක් හිඳිනු.. මදක් හිඳිනු..!!! මා...? නුවිධීෂ ලෙස...???"

"ඒ ස්ත්‍රිය නොදැන සිටියාට ශාක්‍රස පුරයේ සැලකිය යුතු පිරිසක් නුඹව හඳුනනවා...!!! අමතකද...???"

"එවිට... අප...??" විහාධ්‍ය කුමරු නුවිධීෂයන්ව අතහැරියේය... ඔහු තවමත් කෝපයෙනි... සිය ශීර්ෂ පළඳනාව ගලවා විසිකර දමා දෝතින්ම හිසකේ ඇදගන්නට වූයේය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Tempat cerita menjadi hidup. Temukan sekarang