විහා_ධීෂ"ඉදින් නාමය නම් 'හේෂව' නමුත් අසුන් නම් බොහෝ අපලයි සේ නුඹට..!!!"
ඉදින් කුටියේ වූ සාමකාමී බව වැඩි වේලාවක් නොරැඳුණි... තමාටම කියා නැවතීමට කුටියක් වූවද, කිසිදු සොයාබැලීමක් නොමැතිව ද්වාරය හැරගෙන පැමිණෙන අයුරු...!!! එයත් සුව දුක් විමසීමට පැමිණියා නම් කම්නොවේ ඉදින්...! ඉදින් හේෂවට වුවද ඉවසීමේ සීමාවක් තිබේනේ...? ඔය තරමින් උපහාසයට ලක්විය හැකිද...???
"මොහුටත් වුවමනා නොවන්නක් නොවේනේ...!!!"
හේෂව කිසිවක් නෑසුනාක් සේ ඉවත බලා ගත්තේය...
කෙසේ වුවත් ශාක්‍රස මැදුර නම් අනුර මැදුර සේ නොවන හැඩයි... මෙහි සිටින දාසයන්ගේ වුවද එතරම් දුක්ඛිත ස්වරූපයක් දිස් නොවේ... තමා දාසයෙක් වග දැනගෙනද සුවිහීෂ කුමරු තමාට එසේ නොසැලකුවේය... ශිල්ප හැදෑරීම සඳහා මෙහි පැමිණෙන සාමාන්‍ය කුලවත් දරුවන් හට හිමිවන කුටියක් තමාට ඔහු ලබා දුනි... ඉදින් එහි සයනයක් ද තිබේ... හේෂව නොවේ කිසිදිනක සයනයක් මත හිඳගෙන හෝ තිබුණේ... ඉදින් එය නම් සැබැවින්ම සුවපහසුය...
හේෂව පැමිණි මොහොතේම සයනය මත නැගී දෑත් දෙපා සතර අත විහිදුවා මුහුණද සයනයේ හොවාගත්තේය... ඔහුගේ රිදුම් දෙන සිරුරට එයම මහා සහනයක් විය...
විහාධ්‍ය සෙමින් සෙමින් පැමිණ සයනය අසළ නවතිනු ඔහුට දැනුනි... නමුදු ඔහු නොවේ එය තැකුවේ... දැනුනු අපහසුව, ලැජ්ජාව සියුම් කෝපයක් බවට පත් වී තිබුණි...
තමා අපහසුවෙන් මෙහි වැතිර සිටින අයුරුද ඔහු දකින්නට ඇත... මැදුරේදී කෙතරම් බැලමෙහෙ කිරීමට ඔහුගේ සිරුර හැඩගැසී තිබුණද, හෝරා ගණනක් අසුපිට ඉහළ පහළ විසිවීම එසේ නොවේ... ඔහු දැන් තමා දුර්වලයෙකු සේ සලකන වග හේෂව හට හොඳින්ම විශ්වාසය... ඉදින් තවමත් විහාධ්‍ය කුමරු පැමිණි බවද නොසලකා ඔහු ඉවත බලාගෙන සිටින්නේය...
"කවරෙක්ද නුඹට හේෂව ලෙස නාමයක් ලබා දුන්නේ???"
ඉදින් තමාගේ අමනාපය නොසලකාම විහාධ්‍ය කුමරු එයම අසන්නට ගෙනය... ඔහුට නම් තමා උපහාසයට ලක් කිරීම විනා අනෙක් සැනසීමක් නොමැති හැඩයි... පෙර සිදුවීමේදී ඇතිවූ ලජ්ජාවද තවම පහව ගොස් නැත... ඔහුට වුවද ඉවසිය හැකි සීමාවක් තිබේනේ...?
YOU ARE READING
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
Historical Fictionවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.