විහා_ධීෂවිහාධ්ය ද්වාරය වැසූ ආවේගයෙන්ම හේෂවද ඇදගෙන කුටිය තුළට වැදුණි... විහාධ්‍ය කුමරුන්ද ඔහුට සෙලවෙන්නට හෝ නොහැකි අයුරින් සිය දෑත'තරට සිරකරගෙන සිටියේය...
"කිමද මේ...?? ම්ම්හ්... අත්හරිනු...!! මා හට තෙහෙට්ටුයි, වෙහෙසයි... ම්හ් කුසගිනියි... තිබෙන ගැටලුවක් පසුව විසඳාගමු...!!! අතකරිනුකෝ ඉදින්...! ආහ්හ්...!!"
හේෂවද විහාධ්‍යගේ හැසිරීම සිතාගත නොහැකිව කෑ ගසන්නට විය... නමුදු විහාධ්‍ය නොවේ ඒ කිසිවක් මදකුදු මායිම් කළේ... විහාධ්‍ය ඔහුගේ සුරතින් හේෂවගේ වමතේ ග්‍රහණය ලිහිල් නොකරම ක්ෂණිකව තමාට පිටුපා සිටින අයුරින් හැරවූවේය...
හේෂව සිතා සිටියේ ඔහු මෙසේ තමා පසුපස පැමිණෙන්නේ දහවල හටගත් කෝපයක් නිසා වගයි... නමුත් එයට දොස් නගනවා වෙනුවට ඔහු කිසිවක් නොකියාම මෙලෙස හැසිරීම හේෂව හට විසල් ගැටලුවක් විය... ඔහු විහාධ්‍යගේ විකාරරූපී, වටහාගැනීමට අසීරු ස්වරූප කිහිපයක් පෙර දැක තිබුණද... ඒවා මෙවර තරම් සංකීර්ණ නොවුණි...
විහාධ්‍යගේ හදිසිය කෙසේ වුවත් ඒ වනවිට කුටිය තුළ වූ මද ආලෝකය නිසා ඔහුට ඇවැසි දෙය පැහැදිලිව දැකගැනීමට නොහැකි විය... ඔහු නැවත හේෂවගේ හස්තයෙන් ඇදගෙනම සයනය වෙත ගොස් ඔහුව මුනින් වැටෙන සේ තල්ලු කළේය...
විහාධ්‍යගේ කාය ශක්තියට අභියෝග කළ හැකි තරම් සවියක් හේෂවට තිබුණා වුවද... මුලු දිනය පුරාම වෙහෙස වී සිරුර තෙහෙට්ටු වීමත් හදිසියේ විහාධ්‍යගෙන් මෙවැනි ක්‍රියාවක් කිසිසේත්ම බලාපොරොත්තු නොවීමත් නිසා ඔහු සිතන්නටත් පෙර පහසුවෙන්ම සයනය මතට විසිවිය... කිසිවක් වටහාගත නොහැකි හේෂව හට නම් ඔහුගේ මේ ක්‍රියාකලාපය සිරුරේ රුධිරය බුබුළු ලමින් කැකෑරෙන්නට තරම් කෝප ගන්වන්නක් විය...
"උමතුවෙන්ද නුඹ...???"
හේෂව කුමක් කීවත් විහාධ්‍යගෙන් නොවේ කිසිදු ප්‍රතිචාරයක් වූයේ... දාසයෙකු එක් කුලකුමරුවෙකුට එලෙස පහත්කොට ඇමතුවා කියාද කෝප ගත් බවක් නොපෙණුනි... ඔහු නිහඬවම සයනය අසළ තිබූ පහන ගෙන දැල්වා කුටියම ආලෝකමත් වන සේ තැබුවේය... පසුව හේෂව අසළින්ම සයනය මත හිඳගෙන හේෂවට සෙලවීමට හෝ නොහැකිවන සේ ඔහුගේ දෙඋර සයනයට තදින් තෙරපා අල්වාගත්තේය...
BINABASA MO ANG
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
Historical Fictionවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.