විහාධීෂ 12

1.1K 241 68
                                    


විහා_ධීෂ

හේෂවගේ බලාපොරොත්තු බිඳ දමමින් තවත් දෙදිනක් ගෙවී ගියේය... විහාධ්‍ය කුමරු හා සුවිහීෂ කුමරු විනා ශාක්‍රස කුමරුන් හෝ මැදුරට නැවත පැමිණියේ නැත...

ඔහුට කිරීමට කියා පැවරී තිබුණු කිසිදු කාර්‍යයක්ද නැත... ශාක්‍රස මැදුරෙන් පිටත නම් ජල උද්‍යාන ආදිය පිරී තිබුණද එසේ පිටතට යාමට ඔහුට අවසරද නොමැත... මැදුරෙහි වූ උද්‍යානයේද ඔහුගේ නෙත නොගැටුණා වූ කිසිදු පුෂ්පයක් විනා නොහඳුනන්නාවූ බඹරෙකු පවා සෙවීම අසීරු වන්නකි... එතරම් වාරයක් ඔහු එහි ගොස් ඇත... තවත් යාමට කිසිදු ස්ථානයක් හෝ නැරඹීමට කියා කිසිවක්ද නොමැත... හේෂව හට මෙය නුපුරුදුය... ඔහු මෙලෙස කාලය කාදැමූවෙක් නොවේ...

අනුර මැදුරේදී දාසයෙක් ලෙසට ඔහු බොහෝ වෙහෙස මහන්සි වී රාජකාරීන් ඉටුකළේය... එහිදී නම් විවේකය යනු හුදෙක් වදනක් පමණක්ම විය... අහම්බෙන් හෝ ඉඩක් ලැබුණහොත් අරණ ඇතුළට වන්නට ඇති ලෙනෙට වී කාලය ගෙවීමට ඔහු ප්‍රිය කළේය... එය නම් ඔහුම සොයා ගත්තක් විනා සුධිරා දේවීන් හෝ දැන සිටියාක් නොවේ... අරණ තුළට වන්නට පිහිටි කටු පිරුණු අන්දර, දලුක්, එරමිණියා වැනි පැළෑටි ගහනය ක්‍රමයෙන් වැඩිවීමත් එය විශ සහිත සර්ප විමානයක් ලෙසට ඇති විශ්වාසත් නිසාවෙන් එහි යන්නට නිර්භීත වූ අයෙකු වූයේ කලාතුරකිනි... ඉදින් අනුර මැදුර තුළ දිවි ගෙදීම කෙතරම් කටුක වුවද මෙතරම් අලස වූවාක් නොවීය...

.

.

.

.

.

.

.

මේ අතර අනුර මැදුරේ නම් තත්වය බොහෝ සේ ගැටලුකාරී විය...

"නුඹයි මේ සියල්ලටම වගකිව යුත්තේ...!!! නුඹ මා හට ඉඩ දී පසෙකට වී බලා සිටියා නම් මෙවැන්නක් කෙලෙසක වත් සිදුවන්නේ නැහැ..!!! නුඹ මා එයට තැත් කළ දෙවාරයේදීම මා නවතාලූවා... මෙවර ඔහු මා සිතන්නටත් පෙර පැනගොස්..!!! නුඹ මධ්‍යම රාතියේ ඔහුව රහසේ මැදුරින් පිටකළා නොවේද?? දෙසතියක් පසුවී තිබුණත් කිසිවක් සොයාගත නොහැකි වූවා... විහාධ්‍ය ද තවම පැමිණියේ නැහැ...!

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now