විහාධීෂ 43

596 127 50
                                    

විහා_ධීෂ

"හේෂව...??"

ඒ හඬ දුර්වල ය... ඇසෙන නෑසෙන තරම් ය... අවිනිශ්චිත ය... දෑස් බියෙන් පිරී ඉතිරී ගොස් ය... ඒවා වරක තමා මතත්, ඇසිල්ලකින් නැවත විහාධ්‍ය කුමරු මතත් නවතිනු නුවිධීෂ දුටුවේය... තමා ඉදිරියේ පෙනෙන දෙය විශ්වාස කරන්නට අකමැති සේයි..

"නුඹ තවමත්.. තවමත්.. සිටිනවා...??"

ඇගේ හඬෙහි විස්මය සේම සියුම් ප්‍රහර්ෂයක් ගැබ් වී තිබුණි... ඈ සිය සුරත දිගු කොට නුවිධීෂයන්ගේ හස්තයක් අල්වාගත්තේය... ඔහු දෙස බලා සැනසිලිදායක සිනහවක් පෑවාය...

"එසේයි...
කෙසේද නුඹට...? සුවයක් දැනෙනවාද...?? තවමත් වේදනාවක් දැනෙනවාද..??"

නුවිධීෂයන් විමසද්දීම පසුපසින් ද්වාරය වැසෙන හඬක් ඇසුණි... අරුමයකි..!! මොහොතකින් කුටිය හිස් වී ඇති හැඩයි... ඉදින් විහාධ්‍ය කුමරුගෙන් නම් මෙවන් විකාරරූපී හැසිරීම් ඕනෑම මොහොතක අපේක්ෂා කළ හැක... නමුදු අනෙක් දෙදෙනා හට කුමක් සිදුවූයේද...??

"විහාධ්‍ය කුමරු කිමද...??"

"මා පසුව විමසන්නම් ඔහුගෙන්...!!"

ඈ නැවත දෑස් විසල් කර බලා හිඳියි... තමා කෙරෙහි වූ අවිශ්වාසී බවක් එහි පැහැදිලිව පෙනෙන්නට විය... නමුදු කුමක්ද තමා පැවසූ දේ ඇති වරද...??

"නුඹ පැවසුයේ විහාධ්‍ය කුමරුන්ගෙන් විමසන බවද...?"

"අන් කුමක්ද..??"
නුවිධීෂයන්ගේ පසින් නම් එහි කිසිදු වරදක් නොවුණි... ඈ මොහොතක් නිහඬව ඔහු දෙස බලා හිඳියාය...

"නොවැටහේ මා හට කිසිවක්...!!" එවර ඈ දෝතින්ම හිස බදාගෙනය...

"අසන්නට ලැබුණේ නුඹ පැල තුළ දැවී මිය ගොස් වග...! නමුදු මෙහි නුඹ සිටිනවා...! මා ඉදිරියෙහිම...! එයත් කුලවත් කුමරෙකු සේ සැරසී...!"

"විහාධ්‍ය කුමරු කළ කී දෑට හේතු විමසන්නටත් හැකිද නුඹට...? කෙදින සිටද එවන් ධෛර්යයක් හිමිවූයේ නුඹට...?? අමතක වූවාද අප මැදුරෙහි බැලමෙහෙ කළ වග...?? විහාධ්‍ය කුමරුගේ දාසයා වී හිඳියේ නුඹ..! කුමක්ද සිදුවන්නේ මෙහි...??"

"සියල්ලටම වඩා මෙහි වූ තුවාලය...? එක්වරම හීයක් විත් උර පසාරු කළ බවක් පමණයි සිහිවන්නේ මා හට... නමුදු දැන් එහි තිබෙන්නේ සීරුමක් පමණයි..!!! නුඹද පවසනුයේ සීරුමක් නිසාවෙන් මා දින ගණනාවක් සිහි විසඥව සිටි බවද...??"

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now