විහා_ධීෂපෙරදින සුධිරාව ගෙන්වාදුන් වස්ත්‍ර වලින් සැරසී විහාධ්‍ය කුමරුන් හා මැදුරෙන් පිටතට එන විට පෙනෙන්නට වූයේ දැසි දස්සන් කිහිපදෙනෙක් පමණි... ඔවුන්ද පලින් පල රැස්වී සාකච්ඡාය... තමාව හා විහාධ්‍ය කුමරුන්ව ඔවුන් දුටු බවක් නොපෙණුනි... විමසිල්ලෙන් එදෙස බලාහිඳින්නෙකු හට, ඒවා සුහද සාකච්ඡා හෝ ඕපාදූප දෙඩීම් නොවන වග වටහාගැනීම අපහසු නොවේ...!
නමුදු ගැටලුව නම් පෙර සේම විහාධ්‍ය කුමරුන්මය... සිදුවී ඇත්තේ කුමක්දැයි දැනගැනිමට නම් හේෂවට හිතවත් කවුරුන්හෝ මෙහි සිටිනවාදැයි කියා සොයාගත යුතුය... එනමුදු ඔහුට කිසිදු අවස්ථාවක් ලබා නොදී විහාධ්‍ය කුමරු හිතාමතා මෙන් හේෂවගේ දර්ශන පථය අවහිර වනසේ ඔහු පසෙකින් ඇවිද යන්නට විය... ඉදින් ඉවත් වන්නට කියා කියන්නටද නොහැක...
කුහුලක් සිතේ තබාගෙන සිටීම යනු හේෂව හට අසීරු යමක් නොව කළ නොහැකිම යමකි... මැදුරේ පවුරු ද්වාරය පෙනෙන නොපෙනෙන දුරදීම කවුරෙක් හෝ දිවවිත් එහිවූ ද්වාරාඅරක්ෂකයන් සිව්දෙනා හට යමක් කොඳුරනවාත්, එකෙණෙහිම ඔවුන් සියලුදෙනා ඇතුළට දිව එනවා හේෂව දුටුවේය... ලද අවසරයෙන්ම විහාධ්‍ය කුමරු පෙරදින සේම හේෂවගේ හස්තයෙන් අල්වාගෙන ඔවුන්ට නොපෙනෙන සේ පසෙකට වී හිඳ, ඔවුන් පසුවූ වහාම හේෂවද ඇදගෙන ද්වාරයෙන් පිටතට දිවයන්නට විය...
ඔහු ගොස් නැවතුණේ මැදුරට වැටී ඇති මාවතේ යාර කිහිපයක් දුරින් තිබුණු වංගුව පසුකිරීමෙන් අනතුරුවයි... ඉන්පසු ඔහු පසුපසින් පැමිණෙන්නට කියා සන්කොට අරණ තුළට වැටුණු අඩිපාරක් දිගේ පියවර කීපයක් ඇවිදගොස් ඇහැටු ගසක මුල ගැටගසා තිබුණු අසුන් දෙදෙනා ලිහා ශ්වේත වර්ණ අසුගේ තෝන් ලණුව හේෂව වෙත දිගු කළේය...
ඔහු මහා කලබලයෙනි... කිසිවක් නොදන්නා හේෂව මුව අයාගෙන තෝන් ලණුව දෙසත් විහාධ්‍ය කුමරු දෙසත් බැලුවේය...
"මෙය ගනු...! ඉක්මන් කරනු !!!"
ඔහු කාලවර්ණ අසුපිට නැගී හේෂව එනවාදැයි නොබලාම ගමන් කරන්නට පටන් ගත්තේය... හේෂවද විහාධ්‍ය කුමරුන්ව අනුගමනය කරමින් ඔහු පසුපසින් නික්මෙන්නට විය...
YOU ARE READING
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
Historical Fictionවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.