විහාධීෂ 41

682 136 35
                                    

විහා_ධීෂ

ඔවුන් ශාක්‍රස කුමරුගේ නැගණිය තනිවම විසූ දිනේන්ද්‍ර මැඳුරට විත් දින කිහිපයක් ගත වී තිබුණි... රජුගේ සේනාධිපතිවරයෙකුව සිටි දිනේන්ද්‍ර කුමරු මියගිය පසු මලානික හා නිහඬ ස්වරූපයක් උසුලමින් තිබූ මැදුර දින කිහිපයක් ඇතුළත උඩු යටිකුරු වී තිබුණි... වෙනදා දෙසොයුරන්ගේ කුටිය තුළට පමණක් සීමාවී තිබූ සිනහා හඬ  මැදුර පුරාවටම රැව් පිළිරැව් දෙන්නට විය...

ශාක්‍රස මැදුරේ සිට සිව් ගව්වක් පමණ දුරින් පිහිටා තිබූ උප නගරයක් වූ සරෝරුහ ගාම නම් තරමක ග්‍රාමීය ප්‍රදේශයක දිනේන්ද්‍ර මැදුර ඉදිකොට තිබුණි... එය ශාක්‍රස පුරයත් අනුර නගරයත් වෙන් වන සීමාවට ආසන්නව, එසේම මහෝධ්‍ය නුවරින් තරමක් එපිටට වන්නට පිහිටා තිබුණු බැවින් ශාක්‍රස පුරයට සාපේක්ෂව තරමක වියළි ස්වභාවයක් ඉසිලීය... ශාක්‍රස මැදුර අවට තරම් හුණු බදාම ගෑ විසල් ගෘහයන් සුලබ නොවූ අතර ගොම මැටි ගෑ බිත්තිත්, පිදුරු සෙවිලි කළ පියස්සන්ද සහිත නිවහන් කිහිපයක් පමණක් ඒ කුඩා ග්‍රාම‍යේ තනියට විය...

ඔවුන් එහි පැමිණ දෙදිනකින්, සුවිහීෂ කුමරුන් ඔවුන් සොයා පැමිණ නැවත මැදුරට පැමිණෙන ලෙසට විහාධ්‍ය කුමරු හමුවී පැවසූවද ඔහු නොවේ එවදන් මදක් හෝ තැකූයේ... ඉදින් නැවත සුවිහීෂ කුමරුන් ඔහු හා කථිකා කිරීමට උත්සාහ කළද විහාධ්‍ය කුමරු ඔහුට කිසිදු අවස්ථාවක් ලබා නොදීමට වග බලාගත්තේය... ඔහු හැසිරුණේ සුවිහීෂ කුමරුන්ව නොහඳුනන පරිද්දෙනි... ඉදින් ඔහු හා එතරම් විරසක වීමට විහාධ්‍ය කුමරුන් හට වූ ගැටලුව කුමක්ද කියා සිය සොයුරාගෙන් විමසූ නුවිධීෂයන් හට වුවද තෘප්තිමත් පිළිතුරක් ඇසීමට ලැබුණේ නැත...

සුනීද්ව රජු යළි සිහසුනේ හිඳගත් පසු නගර වල වූ කුඩා කැරලි දින කිහිපයකින් ඉබේම මර්ධනය වී යන්නට විය... මහෝධ්‍ය නුවරට සිදුවූ පහරදීමෙන් පසු අරුණාධි කුමරිය පාලන කටයුතු භාරගන්නා තෙක්, ගතවූ කෙටි කාලය තුළ ගෙන ගිය අවිධිමත් කෲර පාලනය නිසාවෙන් තම පාලකයා ගෙන ගිය පාලනය කෙතරම් ලිහිල් වූවක්ද යන්න බොහෝ දෙනා ඒ වනවිට වටහාගෙන තිබුණි... ඉදින් එතරම් අර්බුදකාරී කාලයකට පසුවත් සිය උදාර නිරිඳුන් නැවත පැමිණීම පිළිබඳව බොහෝ දෙනා උද්දාමයට පත් වී තිබුණි...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Donde viven las historias. Descúbrelo ahora