02වන කොටස....

14.3K 1.8K 509
                                    

පුපුරු ගහන ඇස්වලින්  කදුලු බින්දු සට සට  ගාලා මේසෙට දාලා තිබුන වීදුරු  වැටුනා.......

මගෙ දරුවව ජීවත් කරවන්නම බැරිද....ඩොක්ටර් .......මට ඉන්නෙ ඔච්චරයි ...මගෙ ගෑනිට හදන්න පුලුවන් ඔච්චරයි ...............ඒකිගෙ පපුව පැලිල මැරෙයි ....මට යන එනමන් නැතිවෙයි    

අප්පච්චි කෙනෙක් කවදාවත් දරුවෙක් ගාවදි අම්මා වගේ " පුතේ මම උඹට මෙච්චරක් ආදරෙයි " කියන්නෙ නෑ...අම්මා හැමදාමත් එලි පිට ආදරෙයි කිව්වත් අප්පච්චි කෙරුවෙම ලමයා නිදා ගත්තම ලගට ගිහින් ඔලුව අත ගාපු එක.....නලලට හාදුවක් තියලා " මගෙ පුතා" කියන එක ගැඹුරින් කියපු එක...ඒකෙත් "මගෙ " කියන වචනෙට නාඩි වට්ටවපු එක....මට දරන්නම බැරි උනා...වේදනාවෙ අඩියෙ උන්න මට වෙනදට කවුරුත් ඉස්සරහා වයිෆ් කියල කතා කරන මට මගෙ ගෑනි කියලා කිය උනා.......මගෙ නිඛිල්.....අවුරුදු ගානකට පස්සෙ මගෙ අතට ආව මැනිකක්......මම සාර්න්‍යව බැන්දෙ විසි තුනෙන්.....එයාට එයාට දහ අටයි.......නිඛිල්ට කලින් දෙපාරක්ම එයා අම්මා කෙනෙක් වෙන්න උන්නා...කරුමෙද  ....නැත්තන් වෙන දෙයක්ද කියන්න මම දන්නෙ නෑ...ඒ දෙපාරම ඒ නූපන් කලලවලට තුන් මාසෙ පන්නවන්න බැරි උනා......ළමයි හිටින් නැති උනා.....

ගන්න පුලුවන් හැම තැනිම්ම බැලුවා ඒ හැම තැනිම්ම හැම ඩොක්ටර් කෙනෙක්ගෙම්ම ලැබුන උත්තරේ එයාගෙවත් මගෙවත් ප්‍රශ්නයක් නෑ කියන එක...වෙද නෝන කෙනෙක් උන....අනුන් වෙනුවෙන්  සෙත් පිරිත් කියපු  අදුන් බලපු මගෙ අම්මටවත් බැරි උනා මේ මල කරුමෙද කියලා  හොයන්න.....අවසානෙදි පූරුවෙ කරපු එක අල්පමාත්‍රීක පිනකට මට වගේම එයාට අම්මෙක් අප්පච්චියෙක් වෙන්න පුලුවන් උනත්....මගෙ ගෑනිට අංගුලි මාල පිරිත පවා කියෙව්වෙ ඉස්පිරිතාලෙ ඉද්දි...හත් මාසයක්    බඩට හත් මාසයක් පිරෙනකනුත් එයාට ගෙදර ඉන්න බැරි උනා....බඩ දරු උනාම තුන් මාසෙ වමනෙ යන එක සාමාන්‍ය දෙයක් උනත් එයාට පෙවෙන වතුර උගුරට වමනෙ කලයක් ගියා ...ගැබ්බර හින්දා බඩ විරෙක කරවන්න බැරිව අම්මා දෙහි කැපුවා ....සුර එල්ලුවා....කතරගමට බාර හාර උනා ..අම්මා පේ වෙලා පේවෙලා ගිනි පෑගුවා .....අවසානෙදි හත් මාසෙන් කියන්න ඕන අංගුලි මාල පිරිත කියවනකොට එයාගෙ බඩ විතරයි ඇගපතක් තිබුනෙම නෑ...ඇත්තම කතාව නම්...මගෙ ළමයා හැදුනෙම සේලයින් වලින්...උපත් බර කිලෝ දෙකටත් අඩුයි......ඒකව මාස ගානක් ඉස්පිරිතාලෙ තියලා තියලා ගෙදර ගේන්න කලින් දවස් ගානක් අම්මා මුලු ගෙදරටම සෙත් පැන් ඉස්සා......එච්චරත් කරලා හදාගත්තු ලමයට මෙහෙම උනාම අපි කොහොමද ඉවසන්නෙ........

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now