අප්පු..ච්චියෝ....ඕ මැනික...
අම්..මි...අම්මියා කෝත....
අම්මියද...
ඕ....අම්මියා කෝත....
අම්මියා ගියානෙ බෙයියා ගේන්න..
මං ලමයව අරන් ආවා...කිව්වත් වගෙ උන් මගෙ කොල්ලගෙන් අම්මා කෝ කිය කිය අහනවා....
ඇත්තටම මං දැක්ක දෙයක් මේ අමුතු ඇටේ ඉන්න මිනිස්සු දන්නෙම හිත් රිදවන්න ...
අම්මවයි ලමයවයි තාත්තා දාලා ගියහම අහනවා තාත්තා කෝ කියලා ...මට කියපල්ලා එහෙම ඇහුවම අර ලමයා කොයි තරම් අසරනද...නොතේරෙන එකෙක් නම් අම්මගෙන් ගිහින් අහනවා අම්මෙ තාත්තා කෝකියලා...එතකොට ඒ ගෑනි....ඒ අම්මා අමාරුවෙන් හදා ගත්තු හිත ලමයගෙ ප්රශ්නෙ ඉස්සරහා ආයම පෑරෙනවා නේද ...
අම්මා දාල ගිහින් නම් ඒත් අහනවා අම්මා කෝ කියලා...
ඉන්න ලමයට පස්සෙ තව ලමයෙක් හම්ව උනහම කියනවා දැන් ඉතින් අම්මා ඔයාට ආදරෙ නෑ නංගි බබාට ආදරේ කියලා...නැත්තන් කියනවා අම්මාදැන් ඉතින් ආදරේ මල්ලි බබාට කියලා
ඇයි.....
මං අහන්නෙ ඇයි...ඇයි දෙයියනේ..ඇයි..මිනිස්සු ඔය තරම් රිදවන්නෙ.......පැත්තක ඉදන් තව කතා හදන්නෙ......
උන් එහෙම අහපුවාම පුංචි හිත් කොච්චර තැලෙනවද ...අම්මියේ...අම්මියේ ගගා උන්න ලමයා අවසානෙදි ආයම සෙල්ලම්.බෝලයක් පස්සෙ යනකොට මේ ගෑනු ඇයි මගෙ කොල්ලව ලගට අඩගහගන කෝ අම්මා කියලා අහන්නෙ....
කොල්ලා මගෙන් අහනවා...අම්මා කෝ කියලා...දැන් ඉතින් තොපිම උත්තර දීපියව් .....
මට කෑ ගහන්න හිතුනා....දැන් ඉතින් තොපිම උත්තර දීපියව් කියලා ....
මට කෑ ගහලා කියන්න හිතුනා අඩන්න ඉන්න ඇහැට ඔය තරම් ඇගිල්ලෙන් අනින්න එපා කියලා මට කියන්න හිතුනා වේලිගන එන තුවාල කබලා ගලව ගලව ආය පාරවන්න එපා කියලා .....
මගෙ කොල්ලා දැන් අහනවා අම්මා කෝ කියලා...මම කොහොමද දෙයියනෙ කියන්නෙ මගෙ පුතේ උඹේ අම්මා ආයම එන්නෙ නැහැයි කියලා .....
මම කොහොමද කියන්නෙ ආයම උඹට අම්මා කුක්කු නැහැයි කියලා ......
පකෙ ලන්කාවෙ මිනිස්සු හැමදාම එක තැන.....මුන් දන්නෙම මිනිස්සු රිදවන්න.....