මම කොලුවව මගෙ ඇග උඩට ගත්තා.....මෙච්චර වෙලාම අප්පච්චිලා දෙන්නෙක්ගෙ කතන්දර අහපු ලමයට නිදා වැටෙනකොට මම අග්නිට පොත එක්ක ඉන්න දීලා ලමයව මගෙ ඇග උඩට ගත්තා ...
" අනේ මැනිකෙ ඕකව බඩගින්නෙ බුදි කරවන්න එපා..."
ඇදන් උන්න ඇදුම එයාම කෙදිරි ගගා ගලවන් පැම්පර්ස් එක පිටින් මගෙ පපුව උඩ පස්සත් උඩ දාන් නිදා ගන ඉන්නකොට අග්නි නිදා වැටෙන ලමයගෙ ඔලුව අත ගගා ලමයව බඩගින්නෙ නිදි කරවන්න එපා කිව්වා...
චුට්ටක් මෙහම උන්න දෙන්....නින්ද ගියහම සූප්පු බෝතලේ කටේ ගහනවා....දැන් පොවන්න ගියෝතින් අඩනවා..
" ම්න්.....පව් අප්පා.......ඕකව මැද්දෙන් තියපන්කො...."
මං අග්නිදිහා බැලුවා...... එයා උන්නෙ බිත්තිය කෙරවලේ...මෙච්චර වෙලාම ඉදගන කතන්දර වලට රන්ඩු උන අග්නි වෙනස් වෙලැ උන්න්..මිනිසු වෙනෙස් වෙන්නෙ හිමින්.....ඒත් එයා එයාට පුලුවන් එක තත්පරෙන් වෙනස් වෙන්න...මා එක්ක රන්ඩු වෙන එයාට පුලුවන් ආයම එක තත්පරෙන් ආදරේ කරන්න....
මං අග්නි දිහා බලන් උන්නා....එයා කොල්ලව ඉල්ලනවා .....එයාට ඕනා පුංචි එකාව මැදින් තියා ගන්න....හැබැයි ඊටත් වඩා එයාට ඕනේ ඒ ලොකු අත් දෙකෙන් අපි දෙන්නවම තුරුල් කරගන්න...
අග්නි කියන්නෙ මහ පර්වතයක් ....හිතන්න බැරි තරම් හයියක් ...
එයා දරුවව අත ගානවා රෙද්ද අරන් පොරවන්න හදනවා මං කොල්ලව ඇදෙන් තිබ්බා...හරියටම එයාගෙ කිහිල්ල වගේම පපුවෙ පැති කඩට මැදි වෙන්න.......ඊලග තත්තපරේදි එයා මාවත් ඇදලා ගත්තා .....මං හිතුවා වගේම එයා අපි දෙන්නවම තුරුල් කරගත්තා . .
එලියෙ ඉන්න මිනිස්සු මගෙ ගෑනිගෙ ඉලව් රකිනවා....මගෙ ගෑනි....ඇත්තටම ....සාරාන්යා....එයා මගෙ ගෑනී කියනකොට පපුවට හැගීමක් දැනුනා...ඒත්...දැන්....
අවංකවම මට දැන් එයා ගැන බැදීමක්...හැගිමක් නැහැයි වගේ දැනුනා.....ඇත්ත මම අත නෑරියොත් කොහොමද එයා එයාගෙ තැනට යන්නෙ........වෛරයක්....තරහවක්......අඩුම ගානෙ සාරන්යා මට උඹ නැතුව පාලුයි....මේ කිසිම දෙයක්.....එය ගැන හැගීම් අංශු මාත්රයක් වත් නැති උනා......කොටිම්ම....එයා මගෙ ජීවිතේ කවදාවත්ම නොයිදපු කෙනෙක් වගේ උනා......