74වන කොටස....

6.7K 1.1K 501
                                    

දන්නවා නපුරුකම දරන්නම
නොහැකි බව
ඒත් උඹ දන්නවද  ආදරේ තරම
මම
කල්පයක් බලන් හිඳ අයිති
කරගත් උඹව
ලේසියෙන් බෑ මෙමට
අතහැරලා හැරෙන්නට.....

කොයි කවුරුත්  මොන ලෙසින්
පැමිණ උඹ රැවටුවත්
ටිකක් ඉවසන් ඉඳින් මාත්
අසරණයි බන්
හැම දේම විසඳනවා එතෙක්
මගෙ ළඟ  ඉදින්
නාඩා තුරලෙම ඉදින් මං උඹව
රකින්නම්....

බොරු කතා රැසක් එයි
හිත උඹේ රිදවන්න
එපා බන්  ඒවලට නම්මන්න
උඹේ හිත
කඩවරගෙ දෙපා මුල යැද්ද
මගෙ ආදරය
උඹට විතරමයි බන්  වෙන උන්ට
නැත උරුම.....

වචනෙන් වචනෙමයි මළත්
මං රකිනවා
යකෙක් වුණු මට උඹව
මහමෙරක්  වටිනවා
ඔතින් හැකි ඉක්මනින් උඹේ
ගින්න නිවනවා
කදුලු නොම වට්ටපන්  අග්නි,
උඹ රකිනවා.....

(අග්නි ...)

(akirajeon04....ස්තූතියි නංගා ඔයාගෙ ආදරනීය වචනවලට ❤️❤️)

"ඇගට අමාරුයිද මගෙ ශිවන් .......?"

මං උන්නෙ එයාගෙ කලවා උඩ....නින්දෙන්  ඇහැරුන නිඛිල් ළඟ උන්න භෛරව්ට අග්නි කියලා රැවටිලා අපුච්චියෙ....බයියන්න කියලා ආයම නිදා වැටෙන්න ගත්තා ......

පුංචි එකාගෙ ඇගේ තෙහෙට්ටුව කොයි තරම්ද කියනව නම් අනේ ඒකව ආයම භෛරව් හරහට ගත්තා විතරයි තත්පරයක් යන්න කලියෙන් ඇස් පියාගන නින්දෙම්ම තලු මරනකොට මන් බලාගන භෛරව් එයාගෙ පොඩි ඇගිල්ල ලමයගෙ කටට හිර කෙරුවා ........

අග්නි මගෙ කොන්ද අත ගගා ඇගට අමාරුයි ද අහනවා....මගෙ සර්වාංගෙ වේදනා නොද්නෙ කොතනද????වෙනදට ලක්ශ කෝටි පාරක් මට අඩ ගහන සමරවීරට මගෙ නම සම්පුර්ණයෙන්ම අමතක වෙලා ගිහින් තිබුනා අද සමරවීර නෙවෙ කතා කෙරුවෙ...මම උන්නත් නෑ වගේ.....

අග්නී.....

"ඇයි මැනිකෙ......"

අග්නිගෙ කට හඩ අස්සෙ ආදරේ උතුරනවා  ඇයි මැනිකෙ කියලා අහනකොටත්  අග්නි කෙරුවෙ උකුලෙ ඉන්දවන් උන්න මගෙ හිස් මුදුනට හාදුවක් තියන එක වෙනකොට ඉස්සරහට හැරිල උන්න මම හරි අමාරුවෙන් පැත්තට හැරිලා මගෙ කකුල් දෙකත් හරවන් එයාගෙ උරහිස උඩට ඔලුව හේත්තු කරගත්තා ....

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now