සීයා තාත්තේ.......
ඔන්න එනවා...ඔන්න එනවා හාමිනෙ.....යසයි ගොරකයා එන වෙලාව....
මම උන්නෙ අතට බෙදලා දුන්න කිරිබත් එක දිහා බලාගන...ගලේ අඹරපු රතුම රතුපාට ලුණු මිරිසෙ තැනින්න් තැන තිබුන උම්මලකඩ කෑලි අග්නිව මතක් කරනකොට කඩේට ගියපු අර මාෆියා කාරයා සිලි උරේකුත් එල්ලන් ගිරියෙන් වගේ බෙරිහන් දීගන මැද මිදුලෙන් කුසියට එනකොට බෙලිමල් පොල් කටුවක් තොල ගගා උන්න වෙදමහත්තයා අරකට දෙහි කපන්ඩ ගත්තා ......
අනෙ සීයා තාත්තෙ නිකන් ඉන්න ලමයටනෙ මේ ගොරකයා කියන්නෙ...ඈ පුතේ උඹල අපෙ සීයා තාත්තගෙ අලුත් සිස්සයෙක්ද?
මං උන්නෙ ඇගිලි තුඩින් කිරිබත් ගුලියක් අබරන ගමන් ....අරූගෙ වයස ඕනා නම්....ආරන්ය්ට වඩා පොඩ්ඩක් වැඩි ඇති....මූ මට මහ එකා වගෙ පුතේ කිව්වා ....වෙද මහත්තයා හැමෝටම කතා කරන්නෙ මේ විදිහට හින්දා වෙන්ඩ ඇති ඕකත් ඔහිම කතා කරන්නෙ...ඇරත් සීයගෙ පස්සෙ මූත් වෙද කම අරන් යන්ඩ එපැයි..
උක්කුන් පුතා...උඹලටත් කිරි බත් බෙදන්ඩද.....
එව්ව්ව්...අත්තම්මෙ මං හැමදාම කියනවා ...පිට මිනිස්සු ඉස්සරහා ඔය භූත නම කියන්ඩ එපාය කියලා ...නම කියන්ඩකො අනෙ.....ලස්සන නමක් තියෙන්නෙ ඒකනෙ....අනෙ ඩිංගිත්තක් අහකට වෙයන් පුතෙ මේ වෙද හාමිනෙ මාව පන පිටින් දිවන් ගත කරන්ඩ යන්නෙ.....
"මාෆියා..."සංජාන නම උනාට මගෙන් පන්සීයක් උදුර ගත්තු වෙලේ ඉදලා මං මේ පොඩි ඇටයට හිතින් කිව්වෙම මාෆියා කියලා ....ඒකගෙ අත්තම්මා මූට උක්කුන් පුතා කියනකොට මූ නහින්න හැදුවා වගේම මං ඉදන් උන්න ලී බංකුවෙම මට එහා පැත්තෙන් ඉදගන මට පුතෙ කියලා කිව්වා ...මුගෙ අම්මන්ඩි කමට දෙන්ඩ හිතයි විජලනේ වෙන්ඩ....