හැගීම් සීයට අනූ නවයක් එක්ක වතුර එකම එක දශයමයක් කලවම් උන උනුසුම් වේදනා බින්දුවක් මගෙ කම්මුල් හෝදන් පහලට වැටුනා.....
ඩියුටි ෆ්රී එකේ මරන දැන්වීම් වල සාතිශ්ය සංවේගය කියන කලු අකුරු ගාව ඇහැකින් කදුලු බින්දුවක් වැටෙන රූපෙ ගාව මගෙ ඇස් නැවතුනා...ආය කවදාවත් එයා එහෙ යන්නෙ නෑ...ආය කවදාවත් මට එයා එක එක කාලෙට ලස්සනට ඇදගන යනවා බලන්න හම්බෙන් නෑ....සමහර දාට දනහිසට උඩින් අදින ෆිට් කලු සාය ..අත් දිග සුදු ශර්ට් එක...ආයම බෙල්ලට ගැටගහන ස්කාෆ් එක......නත්තල් සීසන් එකට අදින රතු ටී ශර්ට් එක. ...එක එක සීසන් එකට එක එක විදිහට ලස්සන වෙලා යන එයාව මට ආය කවදාවත් දකින්න වෙන්නෙ නෑ...
සැලරි වැටුන හැම දාකම මං වෙනුවෙන් ෆර්ෆියුම් එකක් ගෙනාවට දරුව ලැබුනත් එක්කම එයා ෆර්ෆියුම්.වෙනුවට මගෙ පුතා වෙනුවෙන් දේවල් ගේන්න පුරුදු උනා......
එයත් මට අම්මෙක් වගෙ.....මොන තරම් මහන්සි උනත් ....ඉරටත් කලින් නැගිටලා කුසියට යන.....වැස්ස වහින හැමදාකම මම කෙරුවෙ තව ගුලිවෙන්න හදපු එක උනත් එයැ කෙරුවෙ සීතල යන්න කෝපි එකක් හදන් උයපු එක.......මම නිදා වැටි වැටි පොල් ගානකොට අප්පච්චි යන්න කමක් නෑ කියන එයා මට අම්මෙක් වගේම ආදරේ දුන්නා......
ආදරනීයම පිරිමි ජීවිතේ කොතනක හරි තමන් ආදරේ කරන ගෑනිට අම්මා කියලා කියනවා නම්.....අවංකවම දුගී දුප්පත් පැලක උන්නත් ඒ ගෑනි තරම් වාසනාවන්ත ගෑනියක් මේ ලෝකෙ කොහේවත් නෑ.....මොකද...අම්මෙක් කියන්නෙම ලෝකයක්.....අම්මගෙ තැනම ගෑනිට දෙනවා කියන්නෙ...ඒ ගෑනි මුලු ලෝකයක් දිනලා ඉවරයි....හැබැයි...ආදරනීයම පිරිමි මිසක් දැන් වගේ අම්මා තාත්තා නැහිලා නැහිලා හොයන සොච්චමෙන් අඩි පොලවෙ ගහල රන්ඩු කරලා ගෙදරට හාල් සේරුව සීනි බාගෙ පරිප්පු මිටක් ගන්න ඉතුරු කරත්තු සල්ලි අරන් ගැට තන පෑදෙන්නවත් හිතලා නැති කෙල්ලන්ට අම්මි අම්මි ගාන උන් නෙවෙ....ආදරේ කියන්නෙ මොකක්ද කියන කටින් නැතුව හිතින් වැලද ගත්තු මිනිස්සු අම්මා කියන නම ගෑනිටත් දෙනවා නම්....ඒ ගෑනි වාසනාවන්තයි...
කරුමෙ වෙන්න ඇති දෛවෙ දන්නෙම ආදරනීයම මිනිස්සුන්ව මගින් උදුර ගන්න.......