මං හෙල්මන්ට් එකත් අතේ තියාගන බලන් උන්නා....දැන් එයි....දැන් එලියට එයි කියලා ....ඒත් නෑ..ඒත් නෑ.....
උඹ එහෙමයි නේ අග්නි.....හා ....හා...හා....
බයික් එක ස්ටාර්ට් කරපු මම එයාට ඇහෙන්න රේස් කෙරුවා .....එක දිගට....මට ඕනා උනේම එයාව ගෙන්න ගන්න ....මට ඕමා උනේම එයාව එලියට ගෙන්නගන අම්මගෙ ඇස්වලට හොරෙන් ඒ කම්මුලට හාදුවක් තියන්න.......ඒ පපුවට තුරුල් වෙන්න ....අග්නි ...අනෙ මං ආදරෙයි කියන්න.....ඒත්....එයා නෙවෙ ආවෙ .....
මට දුක තරහව දෙකම එකට එනකොට මං ගේ පැත්ත බලලා ආයම දේවාලෙ දිහා බැලුවා ....
අග්නි....උඹට එන්න බෑනෙ ...හරි අග්නි එන්න එපා ...නෑවිදිම්ම ඉදපන් ....මං ඉන්නෙ දුකෙන් වේදනාවෙන්.....හේතුවක් නොකියම මග ඇර ඇර ය්ස්න උඹ මට රිදවනවා නොසෑහෙන්න ..මං දන්නෙ නෑ.....මට ආපිට ගෙදර එන්න පුලුවන් වෙයිද කියන්න...කඩවර පූජා කෙසේවෙතත් මගෙ මල බත නම් උයන්ඩ වේවි......මගදි මට මොකක් හරි වෙලා මැරුනොතින් ....එකට වගකියන්න ඕනා උඹයි අග්නි.....උඹ විතරමයි අග්නි.....මට උඹත් එපා.....
උඹේ ආදරෙත් එපා.....මට උඹවත් එපා....මේ සම්බන්දෙ මේ ඔක්කොම අදින් ඉවරයි අග්නි.....ඉවරයි.........
මන් එන්න ආවා....
වයස තිහකුත් ඉවර වෙන්න එන...දරුවෙකුත් ඉන්න අප්පච්චියෙක් උනමම අවසානෙදි අවුරුදු දාසයේ දාහතේ එකෙක් ගානට වැටිලා එයාට බැනලා ඇඩූ කදුලිම්ම එන්න ආවා.......
*
*
අම්මා මේ කන්කුන් මිටියයි......
මහත්තයා කෙකටිය සාරන එහෙම ගන්නවද. ...
මම ඔලුව කැසුවා.....අඩ අඩම ගෙදරින් ආව මට ඊලග පාර අඩාගන්න වෙලා මදි උනා....අලුතෙන් ගත්තු ඵෝන් එකට පරන එකේ තිබ්බ ඒවා ඔක්කෝම දාගන සමරවීරගෙ මග ඇරුන කෝල් වලටත් කන පිරෙන්න බැනුම් අහන් ආයම කතා කරගන මූන ගන්න දෙයක් නැති කාර් එකේ මූනත් තහඩුව බලලා...