79 වන කොටස...

5.6K 1K 190
                                    

ටක්.....ටක්.....

පිල්ලියක් ආපිට හරවන හැටි......

මම හතර පස් වෙනි වතාවටත් නහය පිහදැම්මා....කහ පාට ගැහුන මන්තර පොතේ පිටු උඩට වැටුන  නහයෙන්  ආව ලේ බින්දු  අකුරු බොද කරලා අරිනකොට කකුල් දෙක උඩ තියාගන නිදි කරකරව උන්න නිඛිල්ගෙ කලවෙකෙ තිබුන නිල්පාට වෙච්ච කෝටු පාර දිහා බලාගන මම දත්මිටි කෑවා.......

ටක්.....

.තවත් ලේ බින්දුවක්......

.පිල්ලියක් පන ගස්සන හැටි.....ආපිට කප්පන හැටි.....ඇගට වැහුන යකෙක් එලවන හැටි......අත් බෙහෙත් වර්ග............ගෙවුන සති දෙක පුරාවටම මම නිදි නැතුව ඉගන ගත්තා.....

.අග්නී.......

ගෙවිලා ගියේ දවස් දාහතරයි.......

කාලිගෙ සාපෙට අහු උන මම හිත සතුටිම්ම ඒ සාපෙ භාර ගත්තා.........

අග්නි නැතුව....කාලි නැතුව...ඒ සුවද නැතුව හරියටම තවත් සති දෙකක් ගෙවිලා යනකොට මම නිකන් පිලිකාවක් හැදුන ලෙඩෙක්ට වඩා අන්ත වෙනකොට ඉතුර් දවස් හතට විතරක් හරියන්න මගෙ ගාව හුස්ම තිබුනා.. ... 

..අග්නි.......මට...සමාවෙන්න.....උඹමයි...කිව්වෙ...කියන්න පුලුවන් දේවල් තියනවා.....කියන්න...බැරි දේවල් තියනවා කියලා ........

මම සාක්කුවෙ තිබුන සුරේ එලියට ගත්තා......

මොන හේතුවටද කියන්න දන්නෙ නෑ...එදා කැර්කොප්පුවෙදි මගෙ අතට අහු උන සුරේ......වෙන එකෙක්ව රකින්න දාපු සුරේ.........ගෙටබ්ගොඩ වදිනකොටම ගෙයි හතර කොනටම ජපකරන් ආව අම්මා කියන වෙස් ගත්තු කුවන්නට බැරි උනා මාව නම්මගන්න....ඒත්..නම්ම ගන්න බැරි උන එක ඇරුනම...අනිත් හැම වසක්ම මට වැදුනා......

ම්ම්......ම්ම්....සි......ද්..දෙනවනෙ....අම්..අමියේ......අපා...අපානෙ........අග්...අග්...අගියේ.......අපා...නේ.......

ශ්ශ්...ශ්ශ්...මගෙ පුතා...අප්පච්චිගෙ රත්තරන් පුතා............දොයියපන්....දොයියපන්......මගෙ...සුදු මහත්තයා ......මගෙ....රත්තර.....න්...දොයියපන්.......

කකුල් දෙකේ දාලා නිදි කරව කරව උන්න ළමයා නින්දෙන් අඩන්න ගත්තා.....නින්දෙනුත් ඉකි ගහගන්න ගත්‍තා අම්මියේ...අම්මියේ..ගහන්න එපා...ගගා..පොඩි කමට අග්නියට කතා කරලා මගෙ නොදරුවා තවත් ගුටි කාලා තිබුනා.........ගෙවුනෙ සති දෙකයි............මගෙ මුලු ගේම  අපායක් උනා....මගෙ නිඛිල් උදේ ඉර පායපු වෙලාවෙ ඉදන් ඇහැ පියවන ටික වෙනකම්ම හේතුවක් නැතුව පවා ඇඩුවා........

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now